Divaina - කොරෝනා පැතිරෙයි... ඉදිරි සති තුන භයානකයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

coronapathireiකොවිඞ් වෛරසය රටපුරා නැවතත් ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින නිසා ඉදිරි සති දෙක තුනක කාලය ඉතා තීරණාත්මක හා ඉතා අවදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (22 දා* පැවසීය.  ඒ හේතුවෙන් ඉදිරියේදී කිසිදු උත්සව අවස්ථාවකට එකරාශී වීමක් සිදු නොකර කටයුතු කරන ලෙස ද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
 
 මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීවේය.
 
 අලූත් අවුරුද්දට පෙර කොරෝනා රෝගීන් වාර්තා වුණේ අඩු වශයෙන්. නමුත් අවුරුද්දෙන් පස්සේ රෝගීන් ක‍්‍රමක‍්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. අලූත් අවුරුද්දට පෙර කර්මාන්ත ශාලාවකින් පොකුරක් වාර්තා වුණා. ඒ කුරුණෑගල ප‍්‍රදේශයේ. මේ වෙනකොට ඔවුන්ගේ ආශි‍්‍රතයන් සොයා පී. සී. ආර්. පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. ඒ වගේම කොළඹ බැංකුවක පැවැති උත්සවයක සිටි පිරිසකින් ආසාදිතයන් වාර්තා වුණා. ඊළඟට පිළියන්දල, මහරගම පමුණුව, කොට්ටාව යන ප‍්‍රදේශවලින් රෝගීන් වාර්තා වුණා. ඒ වගේම 21 දා දිනයේ විතරක් රෝගීන් පන්සීයකට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා.
 
 අවුරුදු දින කාලයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිරීති උපදෙස් පිළි නොපැදීම හේතුවෙන් මේ වෙනකොට රටම අවදානම්ව තිබෙනවා. මේ වෛරසය මීට පෙර තිබූ වෛරසයට වඩා ඉතා වේගයෙන් පැතිරී යන එකක්. ඒ නිසා හැමදෙනාම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles