Divaina - පෝට්‌සිටි පනත රටේ අයෝජන නීති ඉක්‌මවයි... අතිරේක සොලිසිටර් ජනරාල් පර්සානා ජමීර්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

panathaයෝජිත කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය දැනට රටේ පවතින ආයෝජන නීති ඉඩම් හා ව්‍යාපාර නීති හා දේශීය ආදායම් බදු නීතිය ඉක්මවා යන පනත් කෙටුම්පතක් වන්නේ යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පර්සානා ජමීර් මහත්මිය ඊයේ (22 දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පැවසුවාය.
 
එවැනි සුවිශේෂ ආර්ථික කලාප සඳහා සෑම අංශයකින්ම සහන සලසා ආයෝජකයන් දිරිමත් කිරීම ලෝකය පුරා කි‍්‍රයාත්මක සාමාන්‍ය කි‍්‍රයාදාමයක් වන්නේ යැයි ද පර්සානා ජමීර් මහත්මිය ප‍්‍රකාශ කළාය. පාර්ලිමේන්තුවේ, ති‍්‍රවිධ හමුදාව ප‍්‍රමුඛ සන්නද්ධ සේනාවල ප‍්‍රධානියා මෙන්ම රටේ විධායක ජනාධිපතිවරයා ද වන රාජ්‍ය නායකයාට ඉඩම් පනතේ 60 වන වගන්තිය අනුව වෙරළබඩ ප‍්‍රදේශවල පිහිටි ඉඩම් රජයට පවරා ගැනීමට මෙන්ම මුහුද ගොඩකර ඉඩම් නිර්මාණය කිරීමේ බලය ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පැවරී ඇති බැවින් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිසමට ප‍්‍රශ්නගත ඉඩම් පවරාදීම සම්බන්ධයෙන් අභියෝගයට ලක්කිරීමේ නීතිමය බලයක් වෙනත් පාර්ශ්වයකට නොමැත්තේ යැයි ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී විනිසුරු මඬුල්ල හමුවේ කීවාය.
 
 එකී ආර්ථික කලාපය පළාත් පාලන විෂය පථයට අයත් නොවන සුවිශේෂී ආර්ථික කලාපයක් වන හෙයින් ඒ සඳහා පළාත් සභාවේ අනුමැතිය ලබාගැනීමක් අවශ්‍ය නොවන බව ද එහිදී විනිසුරු මඬුල්ල හමුවේ පැවසූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය යෝජිත ආර්ථික කලාප යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වසර දෙකකට පමණ පෙර වන හෙයින් ඒ සඳහා මැදිහත්වීමේ අයිතියක් කිසිදු පාර්ශ්වයකට නොමැති බව ද කීවාය.
 
 රජයේ ජාතික ප‍්‍රතිපත්තියක් අනුව සකස් කරන ලද එකී ආර්ථික කලාපය රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති සුවිශේෂී ආයෝජන කලාපයක් වන්නේ යැයි ද අතිරේක සොලිසිටර් ජනරාල් පර්සානා ජමීර් මහත්මිය එහිදී අධිකරණයට කීවාය. එහි කටයුතු සිදුවනුයේ රටේ පවත්නා නීතියට සමගාමීව බවත් ජනාධිපතිවරයා ඔහුගේ අභිමතය පරිදි කටයුතු කරමින් රට අගාධයකට ඇද දමන බවට පෙත්සම්කරුවන් නගන චෝදනා පදනම් විරහිත බවත් පර්සානා ජමීර් මහත්මිය එහිදී වැඩිදුරටත් කීවාය.
 

 ඒ. ජේ. ඒ. අබේනායක

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles