Divaina - තුන්වැනි රැල්ල අතළගම... කුලියාපිටිය හුදෙකලා කෙරේ... රෝහල්වල පහසුකම් වැඩි කරයි... අයි. ඞී. එච්. එකේ වැඩිපුර ලෙඞ්ඩු 30 ක්...

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kuliyapitiyaගෙවී ගිය උත්සව සමයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් මෙරට කොරෝනා තුන්වැනි රැුල්ලක් ඇතිවීමේ අවදානම ඊයේ (22 වැනිදා* පස්වරුව වන විට බරපතළ අයුරින් තවදුරටත් ඉහළ ගොස් තිබිණි.
 
 මෙම තත්ත්වය හමුවේ කොරෝනා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම ස`දහා පවතින රෝහල් පහසුකම් වැඩි කිරීම ඇතුළුව අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කරමින් සිටියහ.
 
 ඇතිවී තිබෙන තත්ත්වයත් සමග මේ වන විට රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි බරපතළ තත්ත්වයට පත්වූ කොරෝනා ආසාදිතයන් 1485 දෙනකු හා පෞද්ගලික රෝහල්වල දැඩි සත්කාර ඒකක තුනක තවත් ආසාදිතයන් 134 දෙනකු ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද ඊයේ සවස වාර්තා විය.
 
 එසේම පසුගිය දිනවල වැඩි ආසාදිතයන් ගණනක් ඇතුළත් වීම හේතුවෙන් අයි. ඞී. එච්. රෝහලේද ධාරිතාව ඉක්මවා ගොස් තිබිණි.
 
 රෝගීන් 120 දෙනකුට ප‍්‍රතිකාර කිරීම සඳහා පහසුකම් පවතින අයි. ඞී. එච්. රෝහලේ ඊයේ වන විට කොරෝනා ආසාදිතයන් 150 දෙනකුට ආසන්න පිරිසක් ඇතුළත් කර තිබුණු බව ද වාර්තා විය.
 
 ඒ අතරින් සැලකියයුතු ආසාදිතයන් පිරිසකට ඔක්සිජන් පවා ලබාදීමට සිදුව ඇති බව ද එම රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
 
 එන්නත්කරණ වැඩපිළිවෙළත් සමග මෙරට කොරෝනා දෙවැනි රැුල්ලේ යම් පාලනයක් ඇති වෙමින් ආසාදිතයන් වාර්තාවීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබුණ ද මාස දෙකකට පමණ පසු පෙරේදා (21 වැනිදා* රාති‍්‍රය වන විට යළිත් එදින පමණක් කොරෝනා ආසාදිතයන් 578 දෙනකු මෙරටින් හ`දුනාගෙන තිබිණි.
 
 ඒ අතරින් වැඩිම ආසාදිතයන් පිරිස ලෙස කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිතයන් 171 දෙනකු හඳුනාගෙන තිබුණු අතර එම රෝගීන්ගෙන් වැඩි පිරිසක් කුරුණෑගල ගනේවත්ත තිත්තවැල්ගාල ග‍්‍රාම නිලධාරී වසමෙන් හඳුනා ගැනීම නිසා එම ග‍්‍රාම නිලධාරී වසම වහාම කි‍්‍රයාත්මක වන පරිදි හුදකලා කිරීමට ද කටයුතු කෙරිණි.
 
 මේ අතර කුලියාපිටිය පොලිස් බලප‍්‍රදේශය ඊයේ (22 දා* මධ්‍යම රාතී‍්‍ර සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
 
 කොවිඞ් 19 රෝගීන් කිහිප දෙනෙක් මෙම ප‍්‍රදේශයෙන් හමුවීම නිසා රෝගය පැතිරයාම වැලැක්වීමේ අරමුණින් සෞඛ්‍ය උපදෙස් මත මෙම පියවර ගත් බව ද යුද හමුදාපතිවරයා කීවේය.
 
 තිත්තවැල්ගාල ප‍්‍රදේශයේ ගව මස් කඩයක් පවත්වාගෙන යන පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට මීට දින කිහිපයකට පෙර හඳුනා ගැනීමත් සමග සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණ මගින් තවත් ආසාදිතයන් සියයකට අධික පිරිසක් පෙරේදා දිනය වන විට හඳුනා ගැනීම එම ප‍්‍රදේශයේ මෙලෙස හුදකලා කිරීමට හේතු වී තිබිණි.
 
 අදාළ ග‍්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනු ලැබුවේ ඉදිරියේදී ඇතිවන තත්ත්වය අනුව තවත් ප‍්‍රදේශ හුදකලා කිරීමට සිදුවිය හැකි බවකි.
 
 ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ ඉහළ යෑමක් සිදුවිය හැකි බවටද යුද හමුදාපතිවරයා අනතුරු ඇ`ගවීය.
 
 මෙරටින් පෙරේදා (21 වැනිදා* රාති‍්‍රය වන විට හ`දුනාගත් කොරෝනා ආසාදිතයන් 578 දෙනාත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 98050ක් දක්වා ඉහළ ගොස් තිබුණි. ඉන් ආසාදිතයන් 216 දෙනකු ඊයේ දහවල් වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමග පූර්ණ සුවය ලැබූ සමස්ත ගණන 93,884ක් විය.
 
 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ පහක් පෙරේදා රාත‍්‍රියේ වාර්තා වී තිබුණු අතර එම මරණ පහත් සමග සමස්ත මරණ සංඛ්‍යාව ද 630 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.
 
 සෙවනගල, ජාඇල, කැලණිය, රත්නපුර සහ ගම්පහ යන ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයෝ පස්දෙනෙක් මෙසේ මරණයට පත් වූහ.
 
 කොරෝනා වෛරසය ආසාදනය වූ බවට පෙරේදා වාර්තා වූ ආසාදිතයන් අතරින් ගම්පහ සහ කොළඹ දිස්ති‍්‍රක්කවලින් ආසාදිතයන් 43 දෙනා බැගින් සහ පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයන් 51 දෙනකු ද හමුවූ බව සෞඛ්‍ය අංශ ස`දහන් කළේය.
 
 පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩි පිරිසක් ප‍්‍රදේශයේ ඇ`ගලූම් කම්හලක සේවකයන් බව ද සඳහන් විය.
 
 අලූත්ම කොරෝනා රැුල්ලත් සමග ඊයේ වන විට කැස්බෑව ප‍්‍රදේශයෙන්ද කොරෝනා ආසාදිතයන් විසිදෙදෙනකු හඳුනා ගෙන තිබුණු අතර එම තත්ත්වයත් සමග ප‍්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක් වසා දැමීමට ද සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.
 
 එම සුපිරි වෙළෙ`ද සලෙන් ද ආසාදිතයන් කිහිපදෙනකු හ`දුනා ගැනීම හේතුවෙන් එහි සේවකයන් තිස්දෙදෙනකු නිරෝධායනයට යොමු කර තිබුණි. අදාළ සියලූ ආසාදිතයන්ගේ සමීප ආශි‍්‍රතයන් ලෙස හ`දුනාගත් පුද්ගලයන් 85 දෙනකු ද නිරෝධයනයට ලක් කර තිබිණි.

 

 සමන් ගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles