Divaina - මැති සබයේ අලකලංචිය සොයන්න සත්පුද්ගල කමිටුවක්‌

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sathpudgalaපාර්ලිමේන්තු සභා ගැබ තුළ සහ ඉන් පිටතදී පෙරේදා (21 දා* දින ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂ මන්තී‍්‍රවරුන් අතර ඇතිවූ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් 07 දෙනකුගෙන් යුතු කමිටුවක් පත්කොට පූර්ණ පරීක්‍ෂණයක් සිදුකරන බව කථානායක මහින්ද අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා* පැවසීය.
 
 පාස්කු ප‍්‍රහාරය එල්ල වී පෙරේදා (21 දා* දිනට වසර දෙකක් ගත වූ අවස්ථාව සිහිකිරීමට යෑමේදී මතුවූ විරෝධතා සහ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් පක්‍ෂ විපක්‍ෂ මන්තී‍්‍රවරුන් ඊයේ දින කනගාටුවෙන් අදහස් දැක්වූ අතර ඊට පිළිතුරු ලබාදෙමින් කථානායක මේ බව කීය.
 
 සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා -
 
 මා පෙරදා කථානායකතුමාගේ අවධානයට යොමු කළා රැුස්වීම පවත්වන අතරතුරදී විවිධ ලියවිලි සහ නීතිමය කටයුතුවලට බලපාන දෑ පාර්ලිමේන්තු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව. තිස්සකුට්ටිආරච්චි මන්ත‍්‍රීවරයාට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල තුළ පහරදීමේ චේතනාවෙන් කටයුතු කිරීමේ සිද්ධියට සම්බන්ධ කුමන මන්ත‍්‍රීවරයෙක් හෝ ඒ සියලූ දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. පාර්ලිමේන්තු පිවිසුම අසල පොලිස් නිලධාරීන්ගේ ඇස් ඉදිරිපිට එය සිදුව තිබෙනවා.
 
 විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-
 
 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලිපි ලේඛන ගැන ප‍්‍රශ්න කරන්න බැහැ. මන්ත‍්‍රීවරුන්ට ඒ සඳහා වරප‍්‍රසාද තියෙනවා. සභානායකතුමා විනය ගැන කිව්වා. පහුගිය පාර්ලිමේන්තුවේ පුටුවලින් ගැහුවේ. ඔය කථානායක පුටුවත් පෙරළුවා. පාර්ලිමේන්තුවේ ගෞරවය රැුකගත යුතු නිසා අපි ඒක ඇදගෙන ගියේ නැහැ. අපරාධ නීතියට යටත් වෙන දේ කළේ.
 
 ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු-
 
 ඒ කාලේ කළ දේට පුටුවලින් ගහලා මදි. කොස්සෙන් ගහන්න තිබුණේ
 
 රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී (සජබ* හේෂා විතානගේ මහතා-
 
 අලූතින් මන්ත‍්‍රීවරයෙක් ආවාම පාර්ලිමේන්තු කටයුතු ගැන දැනුවත් කළ යුතුයි. ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයාට ගෞරව කිරීම ගැන උගන්වන්න. ගිය සැරේ උස්සාගෙන ගියේ කථානායකගේ පුටුව විතරයි. දැන් මේ දඟලන දැඟලිල්ලට කථානායකත් එක්කම පුටුව උස්සාගෙන යයි. එනිසා මේ ගැන යම් පාලනයක් කරන්න. ඇෙඟ් හයියෙන් සහ කටේ හයියෙන් හැම දේම කරන්න යනවා නම් ජනතාව බලාපොරොත්තු වූ දේ පාර්ලිමේන්තුවෙන් කරන්න බැරි වේවි.
 
 කථානායක-
 
 ඔබතුමා නිවැරදි තැනක ඉන්න බව පේනවා.
 
 ඇමැති බන්දුල ගුණවර්ධන මහතා-
 
 ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ගෞරවනීය ලෙස සැලකීමේ සම්ප‍්‍රදායක් ඒ කාලේ තිබුණා. අද මේ තත්ත්වය දරුණු නායයෑමකට ලක්වෙලා. අපක්ෂපාතී පරීක්ෂණයක් කර දඬුවම් දීමේ ක‍්‍රමයක් අනුගමනය කර මේ සභාවේ පිළිගැනීම හදන්න.
 
 මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී (සජබ* බුද්ධික පතිරණ මහතා-
 
 අප ස්වයං ශික්ෂණයක් ඇතිකර ගත යුතුයි. මේ සභාවට, අපට ජනතාව කෙළ ගසන තත්ත්වයට පත්වෙලා.
 
 ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා-
 
 කළු ඇඳුම් ඇඳගෙන, කළු පටි බැඳගෙන ඊයේ මේ පාර්ලිමේන්තුවට ආවා. පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහම හරක් කියලා ඊයේ සහ අද ෆේස් බුක්වල දාලා තියෙනවා. හරක් තප්පුලන දිහා අපි බලා ඉන්නවා කියලයි සමාජ මාධ්‍යවල තියෙන්නේ. අපට පාරේ බැහැලා යන්න බැරි වෙනවා ඉස්සරහට. අපි මේ පාර්ලිමේන්තුවට කළු ඇඳගෙන, පටි බැඳගෙන ආවා කියා ජනතාවගේ බඩ පිරෙන්නේ නැහැ.
 
 ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී (සජබ* හර්ෂණ රාජකරුණා මහතා-
 
 ඊයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම නිසා දේශපාලකයන් ගැන පිළිකුල් බවක් සමාජගත වුණා.
 
 ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා-
 
 තරුණ මන්ත‍්‍රීවරයෙක්ද, ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙක්ද කියන ප‍්‍රශ්නය නොවේ පාවිච්චි කරන වචන මාලාව සහ හැසිරීම පහත්නම් කොතරම් ජ්‍යෙෂ්ඨ වුණත් වැඩක් නැහැ. අපේ විනය අපි හදාගත යුතුයි. මාධ්‍යයට තහනම් වුණාට මන්ත‍්‍රීවරුන්ට පුළුවන් සජීවීව ෆේස් බුක් හරහා මෙහි සිදුවන දේ ප‍්‍රචාරය කරන්න. මෙය දෙපැත්තේම මන්ත‍්‍රීවරුන් කරනවා. එමනිසා තාක්ෂණය හරහා රිංගන්න පුළුවන් තැන් වසා දමන්න. මේ සභාව තුළ මන්ත‍්‍රීවරුන් විසින් මාධ්‍යවේදීන්ගේ කාර්යය කරන එක නතර කරන්න.
 
 පාර්ලිමේන්තුවේ දොරකඩ අසල ගහගන්න එක අනුමත කර ගන්න බැහැ. ඇතුළේ යමක් වුණොත් විසඳාගත හැකියි. එළියේ ගහගෙන මරණයක් වුණොත්.
 
 බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී (සජබ* චමින්ද විජේසිරි මහතා-
 
 සභා ගැබ තුළ ගැටුම් අවුස්සන අය ගැන සොයා බලන්න. ඔවුන් කළුපටි බැඳගෙනවත් හිටියේ නැහැ. සාක්කුවල අත් දෙක දමාගෙන මේ ගැටුම් සැලසුම් කළේ කවුදැයි සොයා දඬුවම් දෙන්න.
 
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles