Divaina - යහපාලනයෙන් පටන්ගත් දූෂිත ව්‍යාපෘතිය මේ ආණ්ඩුවෙනුත් ඉදිරියට ගෙන යෑම පුදුමයක්... ස්ටිකරය ගැන මං කිව්වේ ඇත්ත කියා සුරාබදු දෙපාර්තමේන්තුව පිළිඅරන්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

චමින්ද සිල්වා
 
yahapalanaමත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් සිදුවිය හැකි අක‍්‍රමිකතා පිළිබඳ පාර්ලිමේන්තුව තුළදී තමා අනාවරණය කළ බොහොමයක් කරුණු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන ඇති බව මාතර දිස්ත‍්‍රික් ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.
 
 මෙම කාරණාවට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වමින් මන්ත‍්‍රීවරයා සඳහන් කළේ මත්පැන් බෝතල් මත ස්ටිකර් කේත ඇළවීම සම්බන්ධයෙන් පවතින අක‍්‍රමිකතා රැසක් පිළිබඳව තමා අනාවරණය කළත් සුරාබදු දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් පිළිතුරු දී ඇත්තේ අදාළ ස්ටිකර් කේතය ජනතාවට ජංගම දුරකථන මගින් කියවීමට නොහැකිය යන කාරණාව පිළිබඳව පමණක් බවයි.
 
 පාර්ලිමේන්තුව තුළ සිය කතාවේදී මෙම කටයුත්තට අදාළ ටෙන්ඩර් පටිපාටියේ අක‍්‍රමිකතා, දූෂණ චෝදනා එල්ලවූ සමාගමකට මෙම ගනුදෙනුව ලබා දෙන්නේ කෙසේද වැනි කරුණු රැසක් පිළිබඳ තමා ප‍්‍රශ්න කළ බවත් එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් ඒ කිසිදු කරුණක් පිළිබඳ පිළිතුරු නොදීම තුළ ඔවුන් ඒවා පිළිගෙන ඇති බවට තමා විශ්වාස කරන බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. විපක්ෂ නායක කාර්යාලයේදී
 
 22 වැනිදා පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා සඳහන් කළේ මත්පැන් බෝතල් මත ස්ටිකර් හෝ කේත මුද්‍රා තැබීම තුළ විශාල ජාවාරමකට පසුබිම නිර්මාණය වන බවයි. ඊට හේතු වී ඇත්තේ නිසි පටිපාටියෙන් තොරව මෙම ටෙන්ඩරය ලබාදී ඇති ඉන්දියානු ආයතනය ඉන්දියාව තුළ ද අසාදු ලේඛනගත වී ඇති සමාගමක් බවයි.
 
 ශත 25 ක් වැය වන එක ස්ටිකරයක් වෙනුවෙන් රුපියල් දෙකක මුදලක් වංචා සහගතව අය කර ගන්නා බවත් මසකට ලංකාව තුළ මත්පැන් බෝතල් මිලියන 04ක ප‍්‍රමාණයක් පරිභෝජනය කරන බවත් මේ අනුව මෙම ඉන්දියානු සමාගමට වසරකට රුපියල් බිලියනයක මුදලක් වංචා කරන්නට මුදල් අමාත්‍යාංශ සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ඉඩ සලසා ඇති බවටත් මන්තී‍්‍රවරයා චෝදනා කළේය.
 
 වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අදාළ නිලධාරීන් මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අජිත් නිවාඞ් කබ්රාල් මහතා නොමග යවා මෙම දූෂිත ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවයි. සිය යහපාලන රජය සමයේ යෝජනා කළ දූෂිත ව්‍යපෘතියක් වන මෙය නව රජය මගින්ද ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ තමා විමතියට පත්වන බව ද ඔහු සඳහන් කළේය.
 
 
 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles