Divaina - පාස්කු ප‍්‍රහාරය ආගමික අන්තවාදයක් - බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

galagoda1පාස්කු ප‍්‍රහාරය දේශපාලන ප‍්‍රශ්නයක් නොව,  ආගමික අන්තවාදය පිළිබඳ ප‍්‍රශ්නයක් බව සියලූ දෙනා හොඳින් වටහාගත යුතු බව බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප‍්‍රකාශ කළහ.

උන්වහන්සේ මේ කරුණු අනාවරණය කළේ ඊයේ (21 දා)  රාජගිරියේ සද්ධර්මරාජික විහාරයේදී පැවැති පුවත්පත් සාකච්ඡුාවකදීය.එහිදී උන්වහන්සේ මෙසේද කීහ.

අපි වැඩ කළ යුත්තේ මියගිය අයට සාධාරණයක් වෙන්න. පසුගිය ආණ්ඩුවේ හිටපු මන්ත‍්‍රීවරු අද නොයෙක් කතා පතුරුවනවා. ඒ මන්ත‍්‍රීවරු මහමොළකරුවන් දන්නවා නම් හෙළිකළ යුතුයි. නැත්නම් වහසි බස් නොදොඩා ඉන්න ඕනෑ. එදා ඉඳලා අපි මුස්ලිම් අන්තවාදය ගැන හෙළි කළා. එවිට මාව අත්අඩංගුවට ගන්නා ලෙස මුස්ලිම් මන්ත‍්‍රීවරු පැමිණිලි කළා. ඇත්තටම මාව හිරේ දැමීමත් පාස්කු ප‍්‍රහාරයේ කොටසක් බව පෙනෙනවා. එදා අපි කතා කරනකොට කතෝලික සභාව අපිත් එක්ක හිටගත්තේ නැහැ. කිසිම විද්වතෙක් අපිත් එක්ක හිටියේ නැහැ. 2014 ඉඳලා තමයි මම කියන්නේ සහරාන් අත්අඩංගුවට ගත යුතුයි කියලා.

මුස්ලිම් අන්තවාදය අපි නිසි ලෙස හඳුනාගත යුතුයි. මේ ආගමික අන්තවාදයෙන් ලෝකයම පීඩා විඳිනවා. 1954 ඉඳලා තමයි ජමාතේ ඉස්ලාමීය සංවිධානය ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කරන්න ඕනෑ කියලා කියන්නේ. අද ජාතික ජනබලවේගයේ නායකයන් කට උල්කරගෙන කෑගහනවා. ජනතා විමුක්ති පෙරමුණ ආගමික අන්තවාදයට එරෙහිව කටක් ඇරලා නැහැ. ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ ලේකම් එම්. ෆාරිස් ඔවුන්ගේ වේදිකාවේ කතා පැවැත්වුවා. මොවුන් තමයි වහබ්වාදය පතුරුවන්නේ. ජිහාදය වෙනුවෙන් එක් අයෙක් වුණත් සෑහෙන බව කියන්නේ ජමාතේ ඉස්ලාමීය සංවිධානයයි. මේවා ජ.වි.පෙ. දන්නවද? 2018 කටාර් චැරිටි සංවිධානය කොළඹ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන දේශනය පැවැත්වූයේ වත්මන් විපක්‍ෂ නායක සජිත්. කටාර් චැරිටි උදව් කරන්නේ වහාබ් ත‍්‍රස්තවාදය වෙනුවෙන්. හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයට උදව් කළේ කටාර් චැරිටි.

ඇත්තටම සහරාන්ගේ නායකයා කවුද කියලා හොයන්න. සහරාන්ට නායකයෝ නැහැ. කාදිනල්තුමා හිටපු ජනපති මෛත‍්‍රිපාල මහතාට නඩු දාන්න කියලා කියනවා. නමුත් එදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු ශානි අබේසේකරලා හරියට වැඩ කළා නම් මේ ප‍්‍රහාරය වළක්වා ගන්න තිබ්බා. 2018 නොවැම්බර් 30 වැනිදා වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු මරලා තිබුණේ බෙලි කපලා අයිසිස් ක‍්‍රමයට. එදා මේවා ගැන හෙව්වාද? ඒක කොටින්ට බැර කරලා නිකන් හිටියා. සහරාන් ඔසවාගෙන ඉන්නේ වව්නතිව්වලින් ගත්තු ඔ - 56ල කාදිනල්තුමා මේවා ගැන කතා කරනවද? යහපාලන ආණ්ඩුව මෙහෙයවුණේ මුස්ලිම් අන්තවාදය යටතේ. එම නිසා ඔවුන් මේවා ගැන හොයල බැලූවේ නැහැ.

චතුර පමුණුව
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles