Divaina - හම්බන්තොටට ආපු විකිරණ නැව හරවා යැවේ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ship1 හම්බන්තොට වරාය වෙත පැමිණ තිබූ චීන නැවක විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට හෙළිවීම හේතුවෙන් එම නැවට වහාම එම වරායෙන් පිටත්වන ලෙස දැන්වූ බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසයි.
 
 ඒ අනුව ඊයේ (21දා) උදෑසන වන විට නෞකාව හම්බන්තොට වරායෙන් ඉවත් කරගෙන ඇත.
 
 නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත‍්‍රා කළ මෙම නෞකාව යාන්ත‍්‍රික දෝෂයකට ලක්වීම හේතුවෙන් එය හම්බන්තොට වරායට ඇතුළු කිරීමට අවසර ඉල්ලා තිබේ.
 
 එම ඉල්ලීමට අනුව හම්බන්තොට වරායේ ප‍්‍රධානියා විසින් ඊට අවසර ලබා දී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් නෞකාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවක දී එහි විකිරණශීලි ද්‍රව්‍ය ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග වරාය ප‍්‍රධානියා විසින් ඒ සම්බන්ධයෙන් පරමාණුක බලශක්ති නියාමන සභාවට දැනුම් දී තිබේ.
 
 අනතුරුව එහි නිලධාරීන් විසින් නෞකාව වහාම ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇත. කෙසේ වෙතත් නිසි දැනුම්දීමකින් තොරව විකිරණශීලී ද්‍රව්‍ය ගබඩා කළ එම නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කිරීම සම්බන්ධයෙන් නැව් සමාගමේ මෙරට නියෝජිතවරයාට ද නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles