Divaina - ඩොලරය යළිත් රු. 200 පනී

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 22 4ඇමරිකානු ඩොලරයක අගය ඊයේ (21 දා) දිනයේ යළි රු. 200 ක අගය ඉක්මවා ගියේය.

මේ අනුව ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කළ අලූත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ රු. 200.90 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (20 දා) දිනයේ රු. 195.21 ක් වූ අතර මේ අනුව ඊයේ දිනයේ පමණක් ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 5.69 කින් ඉහළ ගොස් තිබේ. එසේම ඉකුත් අපේ‍්‍රල්් 19 දින ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 191.97 ක් දක්වා රු. 9.31 කින් සැලකිය යුතු ලෙස අඩු වී එදින රුපියල විශාල ලෙස ශක්තිමත් විය. එහෙත් ඉන්පසු දින දෙකේම (ඊයේ සහ පෙරේදා) රුපියල යළි සැලකිය යුතු ලෙස පිරිහීමට ලක්වීම විශේෂත්වයකි.

මේ අතර ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල පෙරේදා වාර්තා වූ රු. 190.29 සිට රු. 195.10 දක්වා ද ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles