Divaina - පාර්ලිමේන්තුවේ ගහ ගන්නම යයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 22 3* කතානායක සභාව කල් තබයි

* සජබ මන්ත්‍රීවරු කළු ඇඳන් එති

* මිනී මරුවෝ කළු ඇඳගෙන - ආණ්ඩුව පෝස්ටර් පෙන්වයි

* පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සෙන්කෝලය රැකගැනීමේ සටනක

පාස්කු ප‍්‍රහාරය එල්ලවී වසර දෙකක් ගතවූ ඊයේ (21දා) එම ප‍්‍රහාරයට විරෝධය දැක්වීමට ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් දැඩි උත්සාහයක යෙදීම නිසා දෙපිරිස සභා ගැබ මැද අතින් පයින් ප‍්‍රහාර එල්ල කර ගැනීමේ උත්සහයක යෙදී කලහකාරී ලෙස හැසිරීම නිසා කතානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 15 කට පමණ කල් තැබුවේය.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය අයට සංවේගය පළකිරීම වෙනුවෙන් කළු පටි පැළඳ කලින්ම සභාව තුළට පිවිසි අතර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමේදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කළේය.

එම ප‍්‍රකාශය අතරතුර සමගි ජනබලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු එම පක්‍ෂ මන්ත‍්‍රීවරු කළු පැහැති ඇඳුම්වලින් සැරසී සභා ගැබ වෙත පිවිසියහ.

ඉන්පසුව පාර්ලිමේන්තු කටයුතු ආරම්භවී මොහොතක් ගතවූ පසුව ප‍්‍රධාන වැඩකටයුතු ආරම්භ කිරීමට යැමේදී විපක්‍ෂය විසින් මතු කරන ලද රීති ප‍්‍රශ්නයක් දුරදිග යෑමේදී ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු එතෙක් වේලා ස`ගවා ගෙන සිටි විවිධ පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් විපක්‍ෂය දෙසට කෑ ගසමින් පැමිණියහ.

මිනී මරුවෝ කළු ඇඳගෙන මිනිස්සු මරපු අය කළු ඇඳගෙන වැනි විවිධ වැකි සඳහන් පෝස්ටර් ඔවුන් අත්වල තිබිණි. සහරාන් ප‍්‍රමුඛ ත‍්‍රස්තවාදීන් කලූ ඇඳගෙන ප‍්‍රතිඥා දුන් ඡුායාරූප ද ප‍්‍රදර්ශනය කරමින් ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරු කෑකෝ ගසන්නට වූහ.

විපක්‍ෂය පැත්තේ පසුපෙළ ද ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් සිටින බැවින් ඔවුන්ද විපක්‍ෂය මැදි කරගනිමින් පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් විපක්‍ෂය වටකර ගත්හ.

එම සිදුවීම් විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සිය ජංගම දුරකථනවලින් වීඩියෝ කරන ලදී. ඊට එරෙහිව ආණ්ඩු පක්‍ෂය දෙසින් පැමිණි ජානක තිස්ස කුට්ටිආරච්චි මන්ත‍්‍රීවරයා සහ ප‍්‍රසන්න රණවීර රාජ්‍ය ඇමැතිවරයා හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාට පහරදීමට උත්සහ කළහ.

දෙපක්‍ෂයෙන්ම ඝෝෂාව මැද්දේ පහරදීම් සඳහා දොපර්ශ්වයම සභා ගැබ මැදට පිවිසෙද්දී දිලිප් වෙදආරච්චි ඇතුළු විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිස දෙපැත්තකට කරමින් එම ආරවුල වැළකීමට ක‍්‍රියා කළහ.

ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවේ වැඩකටයුතු විනාඩි දහයකට නවත්වමින් අසුනෙන් පිටව ගියේය. ඒ වනවිට දෙපිරිස දැඩි වාග් සංග‍්‍රාම වල නිරතවෙමින් එකිනෙකා තල්ලූකර ගනිමින් සිටියහ.

වේත‍්‍රධාරී ඇතුළු පාර්ලිමේන්තු සේවකයන් සෙංකෝලය ආරක්‍ෂා කරනු දක්නට ලැබිණි.

පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු සභා ගැබ මැද සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සිටින අසුන් පෙළ ඉදිරියේ විනාඩි දහයක පමණ කාලයක් කෑ කෝ ගැසූහ. එහෙත් ජාතික ජන බලවේගයේ හෝ දෙමළ ජාතික සංධානයේ මන්ත‍්‍රීවරු මේ සඳහා ඉදිරිපත් නොවී පසෙකට වී සිටියහ. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හෝ එහි ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරු කිසිවකු ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

විරෝධතා දැක්වූ ආණ්ඩු පක්‍ෂයේ පිරිසට නායකත්වය ලබා දෙමින් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන්ට උපදෙස් දෙනු දක්නට ලැබිණි.

ඞී. වී. චානක රාජ්‍ය ඇමැතිවරයා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට විරෝධතා පුවරු හොර රහසේ ලබාදෙන අයුරු පෙනිණි.

ඊයේ පෙරවරු 11.45 පමණ වනවිට මෙම උණුසුම් තත්ත්වය ඇති විය. විපක්‍ෂය ද ඊයේ විරෝධතා වදන් සහිත පුවරු රැගෙන සභාව තුළට පැමිණ තිබුණ ද ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රමාණය සහ විපක්‍ෂයේ පිරිස සම`ග ගණන් බලමින් කලින් සිටම කලබල කිරීමට ක‍්‍රියා නොකළහ.

සිද්ධිය වූ අවස්ථාවේදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සභාගැබෙහි සිටි අතර ඔහු කීප දෙනෙකු සමග සභාවෙන් පිටව ගියේය.

අකිත පෙරේරා - රනිල් ධර්මසේන

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles