Divaina - පාර්ලිමේන්තුවම විනාඩියක් නිහඬ වෙයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

pali1 17682020 අපේ‍්‍රල් 21 දා පාස්කු ඉරිදා දින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය සහ තුවාල වූ සියලූ දෙනා වෙනුවෙන් සංවේගය පළකිරීමට පාර්ලිමේන්තුවේදී මැති ඇමැතිවරු ඊයේ (21දා* පෙරවරුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත් වූහ.

ඊයේ දින පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සභාවේ අවසරය මත පාස්කු ප‍්‍රහාරය සහ ඒ සම්බන්ධ පරීක්‍ෂණ ආදිය සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කරනු ලැබීය. අගමැතිවරයාගේ එම විශේෂ ප‍්‍රකාශයෙන් පසුව ඔහුගේ ඉල්ලීම මත පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත් වූ අතර කථානායක ඇතුළු පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු සියලූ දෙනා සිය අසුන්වලින් නැගිට ඒ සඳහා එක් වූහ.

පාස්කු ප‍්‍රහාරයට වසර දෙකක් සපිරුණු ඊයේ දින ආණ්ඩු පක්‍ෂයේ සියලූම මැති ඇමැතිවරුන් කළු පැහැති පටියක් පැළඳ සිටිනු දැක ගැනීමට හැකි විය. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු ඊයේ දින කළු පැහැති ඇඳුම්වලින් සැරසී සභාවට පිවිසියහ. එහෙත් අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබල වේගය හෝ අනෙකුත් දෙමළ පක්‍ෂ ඊයේ දින එලෙස සභාවේදී කටයුතු කරනු දක්නට නොලැබුණි. සමගි ජන බලවේගය ඊයේ දින පාර්ලිමේන්තු රැුස්වීම ආරම්භ කිරීමටත් පෙර කමිටු ශාලාවකදී පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් විනාඩි දෙකක වූ නිශ්ශබ්දතාවයක් අපේක්‍ෂා කරමින් පසුව සභා ගැබට පිවිසියහ.

අකිත පෙරේරා - රනිල් ධර්මසේන

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles