Divaina - දෙවැනි පාසල් වාරය අද සිට

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

exam5සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් දෙවැනි පාසල් වාරය අද (19දා) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් මත, සෞඛ්‍ය බලධාරීන් විසින් පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ලබාදී ඇති උපදෙස් අකුරටම පිළිපදිමින් සහ පසුගිය මාර්තු මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛ උපදෙස්ද සැලකිල්ලට ගෙන රජයේ සියලූ පාසල්වල දෙවන වාරය අද සිට ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

පාසල් වෙත සිසුන් ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව නිර්දේශ ඉදිරිපත් කරනතුරු පසුගිය පාසල් වාරයේ ක‍්‍රියාත්මක කළ ආකාරයට කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි. ඒ අනුව, පන්තියක සිසුන් සංඛ්‍යාව 15 ට අඩු නම් සියලූ සිසුන් දිනපතා පාසල් වෙත කැඳවිය හැකි අතර, සිසුන් 16-30 අතර සිටී නම් කණ්ඩායම් දෙකක් වශයෙන් ද, 30 ට වැඩි නම් කණ්ඩායම් 3 ක් වශයෙන් ද කැඳවීමට උපදෙස් ලබාදී තිබේ.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, ආහාර හුවමාරු කර නොගැනීම, නිවසේ පිළියෙළ කළ ආහාර පමණක් ගෙන ඒම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දරුවන් පාසල් වෙත කැඳවීමට සෞඛ්‍ය, ප‍්‍රවාහන, ආරක්ෂක අංශ ඇතුළු විවිධ පාර්ශ්ව වෙතින් මෙතෙක් ලබා දුන් සහායට කෘතවේදීත්වය පළ කරන බව ද, ඉදිරියටත් වගකීම් සහගතව ඒ අයුරින්ම කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

ලොව පුරා කොවිඞ් තුන්වෙනි රැුල්ලක් මතුවෙමින් පවතින අවධියක, රටේ ජනතාවගේ වගකීම් සහගත හැසිරීම සහ සහයෝගය හේතුවෙන් මෙසේ පාසල් විවෘත කිරීමට හැකියාව ලැබී ඇති බව ද, කොවිඞ් අවදානම මෙරටින් තවමත් පහව ගොස් නැති බව සිහි තබා ගත යුතු බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles