Divaina - උතුරු පළාත් සභාවට දෙමළ පක්‍ෂවලින් පොදු අපේක්‍ෂකයෙක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ඉදිරි පළාත් සභා මැතිවරණය සදහා උතුරු පළාත් සභාවට දෙමළ දේශපාලන පක්ෂවලින් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පසුගිය 18දා තීරණය කොට තිබේ.

එම තීරණයත් සමගම ඔවුන් පොදු අපේක්ෂකයකුගේ නම යෝජනා කොට ඇති අතර විග්නේෂ්වරන් මන්ත‍්‍රීවරයාගේ ඉල්ලීම මත ඒ ස`දහා තෝරා ගෙන ඇත්තේ යාපනයේ වේලන් සාමිවරයාය.

වේලන් සාමිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශ කොට සිටියේ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් විසින් කළ ඉල්ලීමට අනුව තමන් ඒ ආරාධනය භාර ගන්නා බවයි.

දෙමළ දේශපාලන පක්ෂ කැබලිවලට වෙන් වී දෙමළ ජනතාවද භේද බින්න වී සිටින අවස්ථාවක ඔවුන් සියලූ දෙනාම ඒකරාශී කිරීමේ වගකීම ආගමික නායකයින්ගේ යුතුකමක් බවත්, ආගමික නායකයන්ට දකුණේ දේශපාලනයටද කරුණු අවබෝධ කොට දීමට ශක්තියක් ඇති නිසා තමන් දෙමළ ජනතාවගේ යහපත උදෙසා එම ආරාධනය භාර ගත් බවත් කියා සිටියේය.

යාපනයේ වේලන් සාමිවරයා යනු පසුගිය කාලයේ පොතුවිල් සිට යාපනයේ පේදුරුතුඩුව දක්වා දෙමළ දේශපාලන පක්ෂ පා ගමනක් සංවිධානය කළ අවස්ථාවේදී ඊට අනුශාසකත්වය ලබා දෙමින් එය මෙහෙයවන ලද සාමිවරයාය.

දිනසේන රතුගමගේ
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles