Divaina - කොමිසමකින් පෝට්සිටිය වෙනම රාජ්‍යයක් කරන්න හදනවා - විපක්‍ෂ නායක සජිත් කියයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sajith19 1ආණ්ඩුව වරාය නගරය කොමිසමක් මගින් වෙනම රාජ්‍යයක් බවට පත්කර එම රාජ්‍යය විදේශීය සමාගම්වල වහල් ඒකක බවට පත්කිරීමට පියවර ගෙන ඇතැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.
 
 මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට සමගි ජනබලවේගය පියවර ගෙන ඇති බවත් ඒ අනුව ආණ්ඩුවේ මෙම පියවර පරාජයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙනු ඇති බවත් විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.
 
 හෙතෙම මාධ්‍ය වෙත මෙම අදහස් පැවසුවේ හම්බන්තොට ප‍්‍රදේශයේදීය.
 
 එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.
 
 මේ ආණ්ඩුව මුළු රටම බංකොලොත් කරලා. දැන් ආණ්ඩුවත් බංකොලොත් රටත් බංකොලොත්. මේ අය බලයට ආවේ රට බේරාගන්නවා කියලා. දැන් එයාලා මුළු රටම වෙන්දේසි කරනවා.
 
 ඒ අතර ආණ්ඩුව අභ්‍යන්තරයේ පුද්ගලයන් අතර භයංකාර බල අරගලයක් ඇතිවෙලා. මෙම බල අරගලය නිසා මුළු ආණ්ඩුවම කැඳහැලියක් වෙලා.
 
 මේ බල අරගලයේ යෙදී සිටින අය උත්සාහ ගන්නේ තම තමුන් ජයගෙන රටේ ඉතිරි ටිකත් විකුණා දැමීමටයි.
 
 ඔවුන් කල්පනා කරන්නේ මේ රටේ භූමිය තම හිතවතුන්ට සින්නක්කරව ලියාදීමටයි. ඔවුනට අවශ්‍ය රට සංවර්ධනය කිරීම නොවෙයි. තුට්ටු දෙකට රට විකිණීමටයි.
 
 මේ රටේ සම්පත් ආරක්‍ෂා කරගැනීමට පෙරමුණ ගන්නා පුද්ගලයෙක් හැටියට මම ආණ්ඩුවේ සිටින අයටත් කියන්නේ බය නැතිව අප සමඟ එක්වන්න. අප ඔබව ආරක්‍ෂා කරන්න සූදානම්. රටේ සම්පත් අනාගත පරපුරට ආරක්‍ෂා කර දෙන්න අප සියලූදෙනා එක්වෙමු.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles