Divaina - අවුරුදු සමයේ දින 05 ට රිය අනතුරු මරණ 52ක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

accident3අලූත් අවුරුදු සමයේ ගතවූ දින 5 ක කාලය තුළ දිවයිනේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 52 දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘‘දිවයින’’ ට ඊයේ (18 වැනිදා) පැවැසීය.

අපේ‍්‍රල් 13 වැනිදා පෙරවරු 6.00 සිට ඊයේ (18 වැනිදා) පෙරවරු 6.00 දක්වා කාලය තුළ මෙම පිරිස මරුමුවට පත්වී ඇතැයි ද හෙතෙම කීය.

මින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ යතුරු පැදිකරුවන් හා පදිකයන් බව ද වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ බස්නාහිර, මධ්‍යම, වයඹ පළාත්වලදී සිදුවූ රිය අනතුරු වලින් බවද හෙතෙම කීය.

එසේම මෙම දින පහක කාලය තුළ දිවයිනෙන්ම රිය අනතුරු 399 ක් වාර්තා වී ඇතැයි ිද එම රිය අනතුරු වලින් පුද්ගලයන් 669 දෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.

රිය අනතුරු වලට අදාළව හා බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් වාහන 2242 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර මින් වැඩිම ප‍්‍රමාණයක් යතුරු පැදි බවත්, එම ප‍්‍රමාණය 1429 ක් බවත් හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව ති‍්‍රරෝද රථ 552 ක් ද, මගී ප‍්‍රවාහන බස් රථ 12 ක් ද, මෝටර් රථ 128 ක් ද, ලොරි රථ 38 ක් ද, වෑන් රථ 30 ක් ද, කැබ් රථ 22 ක් ද, කන්ටේනර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

රිය අනතුරු වළක්වා ගැනීමට තවදුරටත් විශේෂ මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පවසන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අවුරුද්දට ගම්බිම් බලා පැමිණෙන පිරිස් මාර්ග නීති පිළිපදිමින් වාහන පදවන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට රථ වාහන අංශ පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි ද කියා සිටියේය.

මේ අතර, ගතවූ දින 5 තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 1834 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද හෙතෙම කීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles