Divaina - පාස්කු දා ප‍්‍රහාරකයින් ගැන කාදිනල්තුමන්ගෙන් ප‍්‍රකාශයක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

cardinal2 ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට වෙරදරූ පිරිසක් පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බව කාදිනල් මැල්කම් රංජිත්  අගරදගුරුතුමා ප‍්‍රකාශ කළහ.
 
 පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් ඉදිකළ ස්මාරක ආසිරි ගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
 
 පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකිරීම සඳහා ඉදිකළ ස්මාරක දෙකක් ආසිරි ගැන්වීම ඊයේ (18දා) පස්වරුවේ අගරදගුරුතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
 
 ඒ අනුව බොරැල්ල පොදු සුසාන භූමිය වෙත පැමිණි උන්වහන්සේ ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් 09 දෙනකු සිහිකිරීම සඳහා ඉදිකළ ස්මාරකයක් ආසිරි ගැන්වීම සිදු කළහ.
 
 අනතුරුව අගරදගුරුතුමන් පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීම සඳහා මාදම්පිටිය සුසාන භූමියේ ඉදිකළ ස්මාරකය ආසිරි ගැන්වීමද සිදු කළහ.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles