Divaina - ජඹුරේවෙල හිමි මුදාහැරේ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

හේමන්ත රන්දුණු
 
 jamburewelaරණවිරු බිරින්දෑවරුන්ගේ අයිතිය සුරැුකීමේ එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණ පෙළපාලියේදී කොටුව පොලිසියේ ජීප් රථයට ගල්මුල් ප‍්‍රහාර එල්ල කර හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් ඊයේ (08 වැනිදා* දහවල් අත්අඩංගුවට ගත් ජඹුරෙවෙල චන්ද්‍රරතන හිමියන් ඇතුළු දෙදෙනා ඊයේ රාතී‍්‍ර පොලිස් ඇප මත මුදා හැර ඇත.
 
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබුණි. රණවිරු බිරින්දෑවරුන්ගේ අයිතිය සුරැුකීමේ එකමුතුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණ පෙළපාලියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ඊයේ පෙරවරුවේ ආරම්භ කෙරිණි.
 
 එම පෙළපාලිය ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා
 
 ගමන් කරමින් සිටියදී කොටුව පොලිසියේ නිලධාරීන් පිරිසක් එහි පැමිණි කොරෝනා ව්‍යාප්තියට අදාළ නිරෝධායන නීතිරීති මාලාවක් ප‍්‍රකාශ කිරීමට කටයුතු කරමින් සිට ඇත.
 
 ඒ අවස්ථාවේ එම නීතිරීති මාලාව ප‍්‍රචාරය කිරීම නතර කරන ලෙස උද්ඝෝෂකයන් ඉල්ලා සිටි අතර පොලිසිය එය කර නැත.
 
 එහිදී උද්ඝෝෂකයන් කොටුව පොලිසියේ ජීප් රථයට ගල්මුල් ප‍්‍රහාර එල්ල කර ඇත.
 
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොටුව පොලිසිය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබුණේ උද්ඝෝෂණය සංවිධානය කිරීමේ චෝදනාව මතය. මෙම ප‍්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles