Divaina - අයිසේ, බූරුවා, පරයා, තමුසේ කියමින් මැතිසබයේදී චමල් සහ ෆොන්සේකා ඇවිළෙති

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

chamal555

 

 ‘අයිසේ, බූරුවා, පරයා, තමුසේ එළියට එනවා පෙන්නන්න’ ආදී වචන කියමින් හිටපු කථානායක ඇමැති චමල් රාජපක්‍ෂ මහතා විපක්‍ෂ මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එල්ල කළ වාග් ප‍්‍රහාරය හමුවේ පාර්ලිමේන්තුවේ ඊයේ (08 දා* කටයුතු විනාඩි කිහිපයකට අත්හිටුවීමට සිදුවිය.
 
 රන්ජන් රාමනායක මහතාගේ මන්තී‍්‍ර ධුරය පුරප්පාඩුවීම සම්බන්ධව ඊයේ දිනයේදී ද කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා ඉංගී‍්‍රසි භාෂාවෙන් විශේෂ ප‍්‍රකාශයක් කරනු ලැබූ අතර ඊට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද එම භාෂාවෙන්ම සිය අදහස් දැක්වීම මත යම් උණුසුම්කාරී තත්ත්වයක් මතු විය.
 
 එහිදී විපක්‍ෂ නායකවරයා විටින් විට රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් අදහස් ප‍්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා කථානායකවරයා විපක්‍ෂයේ වෙනත් මන්තී‍්‍රවරයකුට අදහස් දැක්වීමට ලබා දුන් අවස්ථාව විපක්‍ෂය වෙනුවෙන් අදහස් දැක්වීමට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් විය. එහිදී හෙතෙම තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එවකට සිටි කථානායක චමල් රාජපක්‍ෂ මහතා කි‍්‍රයා කළ ආකාරය හෙළා දකිමින් අදහස් දැක්වීම හේතුවෙන් සභාව උණුසුම් වී දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් ඇති විණි.
 
 සභාව පාලනය කිරීමට කථානායකවරයා සභාවේ කටයුතු විනාඩි පහකට අත්හිටුවන බව කියමින් අසුනින් නැගිට ගියේය.
 
 සරත් ෆොන්සේකා මහතා - මේ කතාබහ අහගෙන හිටියම මට මතක්වෙනවා තමුන්නාන්සේලාගේම රජය කොච්චර වැරදි, තිරිසන් විදිහට මට සලකලා තිබෙනවාද කියලා. ඒ කථානායකවරයා මේ තැන වාඩිවෙලා සිටිනවා. මට කැලෑ උසාවියකින් දඬුවමක් දුන්නා. මාව මාස අටක් හිරකරගෙන හිටියා. මම උසාවි තුනකට ඇපිල් කළා. ඇපිල් තුනම අසද්දී මට තීන්දුව දීපු දවසේ ඉඳලාම පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නෑ.
 
 චමල් රාජපක්‍ෂ මහතා - තමුන්නාන්සේට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ මමයි. මම ඒ තීන්දුවට දුන්නේ ‘අර්ස්කින් මේ’ ගේ ඒ පොත්වල තිබෙන කරුණු සලකලා බලලායි. මොකක්ද දැන් අහන්නේ මේකට එන්න ඉඩ දුන්නේ නැද්ද?
 
 අහන්නේ මොනවාද අයිසේ, ඇෙඟ් හයිය පෙන්නන්න එන්නේ. බූරුවා තමුසේ, පරයා අනෙක් එක එනවා එළියට පෙන්නන්න.
 
 සභාවේ ඝෝෂා
 
 කථානායක - සභාවේ වැඩකටයුතු විනාඩි 05 කට අත්හිටුවනු ලැබීය.

 

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles