Divaina - රන්ජන් වෙනුවන් මැතිසබයේ කචල්... විපක්‌ෂ මන්ත්‍රීවරු කළු පටි බඳිති

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ramjanwenuwenරංජන් රාමනායක මහතාගේ මන්තී‍්‍ර අසුන අහිමි කිරීමට එරෙහිව විපක්‍ෂයේ මන්තී‍්‍රවරු ඊයේ (08 දා* පාර්ලිමේන්තුවේ කළු පටි පැළඳ විවිධ බැනර් ප‍්‍රදර්ශනය කරමින් ‘දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
 
 අලූගෝසුවනේ එල්ලාපන්’ යන ගීතය ගයමින් දැඩි විරෝධයක් දැක්වූහ.
 
 හිටපු කථානායක, ඇමැති චමල් රාජපක්‍ෂ මහතා සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර ඇති වූ උණුසුම් කතාබහෙන් පසුව සභාව කල් තැබූ මොහොතේ විපක්‍ෂ මන්තී‍්‍රවරු මෙසේ විවිධ සටන්පාඨ සහිත බැනර් ප‍්‍රදර්ශනය කරමින් ‘දඟ ගෙයි දඬුවම්’ ගීතය ගායනා කළහ.
 
 එහිදී ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් සභාව මැදට පැමිණ විපක්‍ෂයට ද විවිධ දෝෂාරෝපණය කරනු ලැබූ අතර ඔවුහු එහිදී චමල් රාජපක්‍ෂ මහතා වටා එක්වෙමින් විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ට එරෙහිව දොස් නැගූහ.
 
 ‘ඝාතකයන්ට දොර අරියි ඇත්ත කතා කළ රංජන්ට දොර වහයි’, ‘කථානායකතුමනි ලැජ්ජයි’, ‘බැංකු හොරු නිදැල්ලේ’, ‘රංජන් කළ වැරැුද්ද ඇත්ත කතා කිරීමයි’ වැනි විවිධ සටන් පාඨ කියමින් මෙන්ම රංජන්ගේ රුව සහිත එම සටන් පාඨ ප‍්‍රදර්ශනය කරමින් විපක්‍ෂය මහත් ඝෝෂාවක් නැගූහ.
 
 එහිදී ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ මැති ඇමැතිවරුන් සභාව මැදට පැමිණ එකිනෙකාට විරුද්ධව කෑකෝ ගසන අයුරු දක්නට ලැබිණි.
 
 විනාඩි කිහිපයක් තිස්සේ පැවති එම ඝෝෂාව යම් තරමකට සමනය වූ පසුව සභාව නැවතත් ආරම්භ කරමින් ඉදිරි වැඩ කටයුතු කරනු ලැබීය.

 

 අකිත පෙරේරා,  රනිල් ධර්මසේන

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles