Divaina - කොටි පොලිස් ඇ`දුම් ඇඳගත් පහක් අල්ලා යළි මුදා හැරෙති

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kotipoliceඑල්ටීටීඊ සමයේ කි‍්‍රයාත්මක වූ ‘කොටි පොලිසියේ’ නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසී යාපනය නගරයේ රාජකාරි කළ යාපනය මහ නගර ආරක්‍ෂක බළකායේ පස්දෙනකු කැඳවා ප‍්‍රකාශ සටහන් කරගත් යාපනය පොලිසිය හා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඔවුන් සන්තකයේ තිබූ නිල ඇඳුම් සියල්ල පොලිසිය භාරයට ගෙන තිබේ.
 
 යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා විසින් පෙරේදා (07 වැනිදා* ‘මහ නගර බළකාය’ නමින් මෙම බළකාය ස්ථාපිත කර ඔවුන්ට ‘කොටි පොලිස්’ නිල ඇඳුමට සමාන නිල ඇඳුම් ලබාදී තිබුණි.
 
 මේ සම්බන්ධයෙන් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරූන් සිද්ධාර්ථන් මහතා විසින් මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකරට දැනුම් දීමෙන් පසු ඇමැතිවරයා විසින් යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් අනුව යාපනය පොලිසිය හා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙම විමර්ශනය අරඹා තිබේ.
 
 ඒ අනුව යාපනය නාගරික කොමසාරිස්වරියගෙන් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට පොලිසිය පියවර ගනු ලැබූ බව මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා ‘දිවයින’ට පැවසීය.
 
 යාපනය නගරාධිපතිවරයාගෙන් ද මේ පිළිබඳව ප‍්‍රකාශ ලබා ගැනීමට පියවර ගැනීමට තිබුණ ද ඔහු මේ වන විට නිරෝධායනයට ලක්ව සිිටින නිසා මෙතෙක් ප‍්‍රකාශ ගෙන නැත. ඔහුගෙන් ද ප‍්‍රකාශ ලබා ගැනීමෙන් පසු මේ පිළිබඳව ඉදිරි නෛතික කි‍්‍රයාමාර්ග ගන්නා බව සරත් වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 මෙම බළකාය පිහිටුවීමෙන් පසුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රාජකාරිය, රථ වාහන හැසිරවීම සහ කුණු කසළ තැන තැන දමන්නන්ට එරෙහිව දඩ මුදල් අය කිරීම ආදී ලෙසින් පොලිසිය ඇතුළු විවිධ රාජ්‍ය නිලධාරීන්ට අයත් බලතල එහි සාමාජිකයන්ට ලබා දීමට නගරාධිපතිවරයා පියවර ගෙන තිබූ බව ද යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය පවසයි.
 
 මෙය තනිකරම නීති විරෝධී කි‍්‍රයාවක් වන අතර මහනගර ආරක්‍ෂක බළකායේ පිරිස් යාපනය නගරයේ සැරිසරද්දී අතීත කොටි පොලිසියේ මතකයන් සිහි
 
 ගැන්වෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ ප‍්‍රධානී අරූන් සිද්ධාර්ථන් මහා සඳහන් කළේය.
 
 අතීතයේ පැවැති ත‍්‍රස්තවාදී පාලන යුගය උතුරේ ජනතාවගේ මතකයට යළි ගෙන ඒම මොවුන්ගේ යටි අරමුණ විය හැකි බවද ඒ මහතා පැවසීය.
 
 මේ සම්බන්ධයෙන් අප යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතාගෙන් කළ විමසීමකදී යාපනය නගරයේ තැන තැන කුණු දමා යන පිරිස් හඳුනා ගැනීම සඳහා තමන් නගර සභාවේ සිටි සේවකයන් පස්දෙනකුු යොදවා ඇතැයි හෙතෙම පැවසීය.
 
 ඔවුන්ට රාජකාරිය පහසු වනු පිණිස නිල ඇඳුමක් ද ලබා දුන් බවත් එසේ නගරය අපවිත‍්‍ර කරන්නන් හඳුනාගෙන ඔවුන්ගේ තොරතුරු පොලිසියට ලබාදී නෛතික කි‍්‍රයාමාර්ග ගැනීමට සහාය වීම එම පස්දෙනාට පැවරී ඇති කාර්යය බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය.

 සමන් ගමගේ, දිනසේන රතුගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles