Divaina - කිරුළ හුටපටය: කැරොලයින්ට පොලිස් ඇප

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kirulaවිවාහක රූ රැජන ලෙස කිරුළ පැලඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියට සුළු තුවාල කිරීම, බිය ගැන්වීම, බලපෑම් කිරීම අභූත චෝදනා එල්ල කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැුජන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් යන අය කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ (08 වැනිදා* සවස පොලිස් ඇප මත මුදාහැර ඇත.
 
 විවාහක රූ රැුජන තරගාවලියේ කිරුළ තේරීමේ අවස්ථාවේදී ලෝක විවාහක රූ රැුජන කැරොලයින් සහ චූලා පද්මේන්ද්‍රන් යන අය පුෂ්පිකා ද සිල්වා මහත්මියට මෙම බලපෑම් එල්ල කර තිබිණි.
 
 ජූරිය විසින් ලබාදී තිබූ තීන්දුව වෙනස් කරමින් කැරොලයින් ජූරි විසින් පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ අහිමි කර ඇය හිසේ පැළඳ සිටි ඔටුන්න ගලවා ඉවත් කර දෙවන ස්ථානයට පත්ව සිටි තර`ගකාරියට එය පළඳා තිබිණි.
 
 මෙම ඔටුන්න ගලවා දමන අවස්ථාවේ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ හිසට තුවාල සිදුවී ඇති අතර ඇය පසුව රෝහල්ගත වූවාය.
 
 මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන පැවැත්වූ පොලිසිය ලේක විවාහක රූ රැුජන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් යන අය ඊයේ දහවල් අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබිණි.
 
 පුෂ්පිකා ද සිල්වා මහත්මිය විවාහක රූ රැුජන ලෙස තේරී පත්වීමෙන් පසු ඇය නීත්‍යානුකූලව සිය
 
 සැමියාගෙන් වෙන් වූ බව කියමින් ඇයගේ කිරුළ අහිමි කිරීමට කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් යන අය කටයුතු කර තිබිණි. මෙම සිද්ධිය මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර මෙවැනි සිදුවීමක් ලෝක විවාහක රූ  රැජන තරගාවලියකදී සිදු වූ මුල්ම අවස්ථාව ලෙස ඉතිහාස ගත විය. පසුව සංවිධායක මණ්ඩලය විසින් පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ නැවත ලබාදීමට කටයුතු කර තිබිණි.

 

 

 හේමන්ත රන්දුණු

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles