Divaina - පළාත් සභා ඉක්මන් කරන්න හදන්නේ අලුත් ව්‍යවස්ථාවක් නොගෙනෙන්නයි - කෝට්ටේ කල්‍යාණ සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ජනපතිට අගමැතිට විවෘත සංදේශයක්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 පළාත් සභා මැතිවරණය ලහි ලහියේ පැවැත්වීමට සූදානම් වීම යනු නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය ජනතාවට දුන් පොරොන්දුව කඩකිරීමක් බව කෝට්ටේ කල්‍යාණ සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප‍්‍රමුඛ රජයට විවෘත සංදේශයක් යොමු කරමින් සඳහන් කරති.
 
 දිවියාගහ යසස්සි, දොඩම්පහල චන්දසිරි, කරගොඩ උයන්ගොඩ මෛත‍්‍රිමූර්ති, මාතලේ ධම්මකුසල, බලංගොඩ සෝභිත, තිරිකුණාමලේ ආනන්ද, එල්ලාවල මේධානන්ද, මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ, ඕමාරේ කස්සප, මහාචාර්ය කන්දෙගොඩ විමලධම්ම, අකුරැුටියේ නන්ද, මහාචාර්ය මැදගම නන්දවංශ, මහාචාර්ය අගලකඩ සිරිසුමන, වජිරාරාමයේ ඤාණසීහ යන නාහිමිවරු මෙම සංදේශය යොමුකිරීම සඳහා සම්බන්ධ වී සිටිති.
 
 එම සංදේශය මෙසේය.
 
 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට ප‍්‍රථම පළාත් සභා මැතිවරණ පනත කඩිනමින් සංශෝධනය කිරීමටත්, පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීමටත් පසුගිය කැබිනට් මණ්ඩල රැුස්වීමේ දී තීරණය කර ඇති බව වාර්තා වේ.
 
 රණවිරුවන්ගේ ජීවිත කැප කර තිස් වසරක යුද්ධයක් නිමා කළ ද අපට වැඩි කලක් සාමයෙන් ජීවත් වීමට නොහැකි විය. 2019 පාස්කු ප‍්‍රහාරය සමඟ තවත් ත‍්‍රස්තවාදී ව්‍යාපාර කිහිපයක ගොදුරක් බවට ලක් වැසියෝ පත්ව සිටිති. ජාත්‍යන්තර ත‍්‍රස්තයන් සමඟ අත්වැල් බැඳගෙන නැගෙනහිර පළාතෙන් උපන් මෙම ඉස්ලාම් ත‍්‍රස්ත ව්‍යාපාරයේ නිර්මාණකරුවන් කවුරුන් ද යන්න තවමත් අභිරහසකි. උතුරුකරයේ අන්තවාදී නායකයන්ගේ තර්ජන ද මෑතක දී සොයාගත් බෝම්බ හා ආයුධ ද සාක්ෂි දරන්නේ දෙමළ ත‍්‍රස්තවාදය තවමත් මෙරටින් තුරන් වී නැති බවකි.
 
 මේ නිසා ත‍්‍රස්තයන්ට ඉඩක් නොදෙන, ශ‍්‍රී ලංකා රජයේ ඒකීය පාලනය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් නොපමාව ගෙන ඒම අත්‍යවශ්‍ය කරුණකි. එකී නව ව්‍යවස්ථාව ගෙන ඒම වෙනුවට බලහත්කාරයෙන් ශ‍්‍රී ලංකාව මත පැටවූ පළාත් සභා ක‍්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීමට රජය දරන ප‍්‍රයත්නය පොදු මහජනතාවගේ දැඩි අප‍්‍රසාදයට හේතු වී ඇත.
 
 20 වැනි සංශෝධනය සම්මත කළ අයුරින් ම මෙම පළාත් සභා මැතිවරණය ලහිලහියේ පැවැත්වීමට සූදානම් වීම, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය ජනතාවට දුන් පොරොන්දුව ව්‍යාජ වූවක් බව හඟවන ඉඟියකි.
 
 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට බටහිර බලවේග දරන නිර්ලජ්ජි උත්සාහය පසුගිය ජිනීවා යෝජනා සම්මතයෙන් ප‍්‍රකට විය. රට ජාතිය පිළිබඳ හැ`ගීම පසෙකලා අප රට විනාශ කිරීමට විවිධ පාර්ශ්වයන් දරන උත්සාහයන් පිටුපස රජයේ මෙන් ම විපක්ෂයේ ද රාජ්‍ය නොවන සංවිධානවල ද ඇතැම් කොටස් සම්බන්ධ වී සිටීම කනගාටුදායක ය.
 
 මැතිවරණයෙහි දී ජනතාවට දුන් පොරොන්දුව අනුව පත් කරන ලද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ විද්වත් කමිටුවේ නිර්දේශ ලැබෙන්නට පෙරාතුව පළාත් සභා ඡුන්දයක් පැවැත්වීමට කැබිනට් මණ්ඩලය අදූරදර්ශී ව ගෙන ඇති තීරණය ජාතියේ ගමන් මඟ නිවැරදි කිරීමට ඇති අගනා අවස්ථාවක් පැහැර හැරීමක් බව මෙහිලා සඳහන් කළ යුතු ය.
 
 පළාත් සභා මැතිවරණයක් පවත්වා පළාත් සභා නැවත ස්ථාපනය කළහොත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව කටයුතු කිරීමට රජය බැඳී සිටිනු ඇත. 13 වැනි සංශෝධනයෙන් ආයුධ සන්නද්ධ පළාත් පොලිසි නිර්මාණය කර ඇත. එපමණක් නොව ගිනි අවි හා වෙඩි ද්‍රව්‍ය හා අනෙකුත් උපකරණ තබා ගැනීමට ද ඔවුනට අයිතිවාසිකම් ලැබේ. මෙම පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ඉන්පසු පත්වන මහ ඇමැතිවරුන්ගේ අභිලාෂයන් කවරක් වනු ඇද්ද යන්න දැනටමත් හෙළිදරව් වී ඇත. පසුගිය වකවානුවේ උතුරු පළාතේ මහ ඇමැති ලෙස කටයුතු කළ විග්නේෂ්වරන් මහතාගේ ජාතිවාදී ක‍්‍රියා කලාපයත් එයින් උතුරුකරයේ බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධයනට සිදු වූ බලවත් අකටයුතුත් අප අමතක කළ යුතු නැත.
 
 එවැනි මහ ඇමැතිවරුන් දෙදෙනකු තෝරාපත් කරගත් පසු මහජන අභිලාෂය පරිදි පළාත් පාලන ක‍්‍රමයක් පිහිටුවාලීම සිහිනයක් ම වනු ඇත. පළාත් සභා පැවැත්වීමට රජය හදිසියේ තීරණය කර ඇත්තේ පළාත් සභා අහෝසි කිරීමට නොහැකි වන වාතාවරණයක් රට තුළ නිර්මාණය කිරීමට බව ඉතා පැහැදිලි ය. මෙය විජාතික අවශ්‍යතාවක් ඉෂ්ට කිරීමට දරන උත්සාහයකි. විදේශ රාජ්‍යයන් හෝ සංවිධාන විසින් මෙහෙයවනු ලබන පුද්ගලයන්ගේ ඕනෑ එපාකම් ඉටුකරන රජයක් අපට අවශ්‍ය නැත.
 
 මහ මැතිවරණයෙහි දී ජනතාව ඉදිරියෙහි අවධාරණය කළ, ජනතාව ද අපේක්‍ෂා කළ වැදගත් ප‍්‍රතිඥාවක් වසරක් වැනි කෙටි කාලයක් තුළ රජය අමතක කිරීම කනගාටුදායක ය. පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම පසෙකලා මහ මැතිවරණයක් හෝ ජනමත විමසුමක් හෝ පවත්වන්නේ නම් රජයේ මෙම ක‍්‍රියා පිළිවෙත පිළිබඳව ජනතාවගේ සැබෑ ප‍්‍රතිචාරය වටහාගත හැකි වනු ඇත.
 
 ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු දෙන, එ මෙන් ම රටට ගැළපෙන, මහජන සුබසාධනයට සෘජුව ම දායක විය හැකි නව පළාත් පාලන ව්‍යුහයක් සකස් කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව සලසා පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස මීට මාස කිහිපයකට පෙර මහා සංඝරත්නය දූරදර්ශීව විශ්ලේෂණාත්මකව විද්වත් කතිකාවකින් ඉදිරිපත් කළ යෝජනාව ද නොසලකා ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කරමින් හදිසියේ මේ කරන්නට යන දේශද්‍රෝහී ක‍්‍රියාව වහා නතර කරන ලෙස රජයටත් රටවැසි මහජනතාවටත් රටටත් හිතාධ්‍යාශය ඇතිව අපි තරයේ දන්වා සිටිමු.
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles