Divaina - මහ මොළකරු අත්අඩංගුවට නොගැනීමෙන් රටම අනතුරේ...

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ලක්‍ෂ්මන් කිරිඇල්ල (සජබ)

 

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

kiriella135යළි කිසිදු ලෙසකින් හෝ අන්තවාදීන්ට හෝ ත‍්‍රස්තවාදීන්ට හිස එසවීමට නොහැකි වන පරිදි රටේ පූර්ණ ලෙස ආරක්‍ෂාව තහවුරු කිරීමට වත්මන් ආණ්ඩුව කි‍්‍රයාකරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (07දා* පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ප‍්‍රහාරයේ වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් පැමිණවිය යුතු බවද කඩිනමින් විමර්ශන කටයුතු අවසන්කර නඩු පැවරීම් සිදුකළ යුතු බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (07දා* පෙරවරු 10.00 රැුස්විණි.

නිවේදන, ලිපි ලේඛන, වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත‍්‍රීවරු වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව 27 - 1 යටතේ ප‍්‍රශ්න විමසීම හා ඊට පිළිතුරු සැපයීම සිදුවිය. අනතුරුව පාස්කු ඉරිදා, ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබූ ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදය සිව්වැනි දිනටත් ආරම්භ කෙරුණි.

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා

පාස්කු කොමිෂන් සභාව පිළිබඳ වැරදි මතයක් රටපුරා යවනවා. වැරදිකරුවන් තීරණය කිරීමේ බලයක් කොමිසමට නැහැ. විමර්ශනය කළ යුත්තේ පොලිසියයි. කොමිෂන් සභාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට රජය බැඳී සිටිනවා.

එදා හරි විදිහට විමර්ශනයක් කළානම් මෙවැනි විනාශයක් වන්නේ නැහැ. මාවනැල්ලේ සිද්ධිය ගැන හරි විමර්ශනයක් කරන්න තිබුණා. විමර්ශන වැළැක්වීමට දේශපාලන මැදිහත්වීමක් වූවානම් ඔවුන්ට එරෙහිවත් කි‍්‍රයාමාර්ග ගත යුතුයි.

එල්. ටී. ටී. ඊ සංවිධානයට වත් පුළුවන් වුණේ නැහැ බෝම්බ ප‍්‍රහාර අටක් සුළු කාලයක් තුළ එල්ල කිරීමට. ඒ තරම් සංවිධානාත්මකයි. ඊට ඇති විදේශ සබඳතා ගැන සෙවීමට විදේශ ආණ්ඩු සමඟ සාකච්ඡුා කර පියවර ගත යුතුයි. දැනටමත් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනවිත් තිබෙනවා.

දැන් පොලිසිය විමර්ශන සිදුකරමින් තිබෙනවා. නීතිපතිවරයා විසින් නඩු පැවරීම සිදුකළ යුතුයි. කුමන තරාතිරමක අයෙක් වැරදිකරුවකු වුවත් අපි ඔවුන් කිසිවිටකවත් ආරක්‍ෂා කරන්නේ නැහැ.

කඩිනමින් නඩු පැවරිය හැකි අවස්ථාවන් පිළිබඳව වහාම සොයා බලා නඩු පැවරීම් සිදුකළ යුතුයි.

මද්‍රසා පාසල් ගැන සොයා බැලීමේ වගකීම ආණ්ඩුවට තිබෙනවා. නඩු දිනපතා අසා කඩිනමින් අවසන් කරන්න නිර්දේශයන් තිබෙනවා. එය අගවිනිසුරුතුමා සලකා බැලිය යුතුයි.

ප‍්‍රායෝගිකව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ සිදුකර තිබෙනවා.

පාස්කු ප‍්‍රහාරය වැනි තත්ත්වයන් ඇති නොවීමට රජය වගබලා ගන්නවා.

විපක්‍ෂයේ ජාතික සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා

පාස්කු වාර්තාව කියවන විට පේනවා ප‍්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමට උවමනාවක් තිබුණද කියා. මහ මොළකරු සෙවීම ඉතා වැදගත්. ප‍්‍රහාරය එල්ල වූ දා සිට හැමෝම ඇහුවේ මහමොළකරු කවුද කියා. නමුත් එහි නැහැ.

දැන් වසර දෙකකට පසුව ඊයේ මහ මොළකරුවකු ඉදිරිපත් වෙලා. මේක කාගෙ හරි නිර්මාණයක්ද කියා සැකයක් ඇතිවෙනවා. නවුෆර් මව්ලවි කියන පුද්ගලයා නිර්මාණයක්ද කියා හිතෙනවා. මොහු අත්අඩංගුවට ගත්තේ සිද්ධිය ඇති වූ අවුරුද්දේ අපේ‍්‍රල් මාසයේදී. ඇයි ඔහුව කොමිසමට ඉදිරිපත් නොකළේ. එය බලවත් අසාධාරණයක්. පොලිසිය සී.අයි.ඞී. එක කොමිසමට අවශ්‍ය සාක්‍ෂි ඉදිරිපත් කර නැහැ. සහරාන්ට පඩි දුන්න එක ගැනවත් කොමිසමට සාක්‍ෂි ඉදිරිපත් කර නැහැ. සාරා ඉන්දියාවට පැනගියා. ඒ ගැන ඉන්දියාවෙන් ඉල්ලීමක් කර නැහැ.

අද රටේ කතාවක් තියෙනවා. මේ සිද්ධියට බුද්ධි අංශ සම්බන්ධ බවට. සිද්ධිය වෙලා සුළු වේලාවකින් සියලූ දෙනා අත්අඩංගුවට ගත්තා. මහමොළකරු අත්අඩංගුවට ගෙන නැති නිසා රට තවම අනතුරේ.

ජාත්‍යන්තර ප‍්‍රශ්න වලදී ආණ්ඩුව හා විපක්‍ෂය එකට සිටිය යුතුයි. නැත්නම් රටට හොඳ අනාගතයක් ලැබෙන්නේ නෑ.

-----------------------------------------------------

වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා

කොමිෂන් සභාවක වගකීම පොලිසියේ වගකීම නීතිපතිගේ වගකීම හරියට නොදන්නා විදිහටයි කිරිඇල්ල මහතා කතා කරන්නේ.

පාස්කු ප‍්‍රහාරය එල්ලවීමට පෙර සිදුවූ සිද්ධි ගැන එවකට රජය ගත් කි‍්‍රයා මාර්ග මොනවාද? ප‍්‍රහාරයෙන් පසුව ගත් කි‍්‍රයාමාර්ග මොනවාද? අලියාර් හන්දියේ ඇතිවූ සිද්ධිය වැදගත්. කාත්තන්කුඩි පොලිසියට ලැබුණු පැමිණිලි ගැන වැදගත්. සහරාන්ට විරුද්ධව 2015 සිට නීතිය කි‍්‍රයාත්මක නොවුනේ මන්ද?

සහරාන්ට එරෙහිව ඉකුත් ආණ්ඩුව කාලේ පොලිසියට ලැබුණු පැමිණිලිවලට කිසිම කි‍්‍රයාමාර්ගයක්් ගත්තෙ නැහැ. ආණ්ඩුව පත්කළ මුස්ලිම් නායකයන් නිසා ආණ්ඩුව නිහඬව සිටියා.

බුද්ධි අංශ පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු බවට කිරිඇල්ල මහතා කළ ප‍්‍රකාශය තරයේ හෙළා දකිනවා. බුද්ධි අංශ විනාශ කළේ

පසුගිය ආණ්ඩුවයි. රටතුළ ත‍්‍රස්තවාදය හිස එසවීමට අවශ්‍ය පරිසරය ආණ්ඩුව විසින්ම ඇතිකළා. ගිය ආණ්ඩුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මා. එයට ආපු සමහර අය දුන්නු පිළිතුරු කොමිසමට දුන්නු පිළිතුරු වලට වඩා වෙනස්. කොහොමද එහෙම වෙන්නේ. තේරීම් කාරක සභාව වැරදිකරුවන් සුද්ද කරන්න පියවර ගත්තා.

අධිකරණ ඇමැති අලි සබ්රි මහතා

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට එවකට රජය කටයුතු නොකළ බව වාර්තාවෙන් පේනවා.

පාස්කු ප‍්‍රහාරය සමස්ත මුස්ලිම් ප‍්‍රජාව තරයේ හෙළා දකිනවා. ශ‍්‍රී ලංකාවේ සියලූ ප‍්‍රජාවන් සමඟ සමගිව ජීවත්වන මුස්ලිම් ජනතාවට ගැටළුවක් ඇති නොවන ලෙස වාර්තාවේ අඩංගු කරුණු යොදාගත යුතුය.

කිසිදු ආගමක් අන්තවාදයට ත‍්‍රස්තවාදයට අනුබල දෙන්නේ නැහැ. මුස්ලිම් ආගම එය හොඳින් පෙන්වාදී තිබෙනවා.

සහරාන්ට විරුද්ධව මුස්ලිම් සමාජයෙන් පැමිණිලි ඉදිරිපත් වුණා. මාවනැල්ල බුදු පිළිම කැඞීම ගැන මුස්ලිම් ජනතාව තොරතුරු දුන්නා. පොදු මුස්ලිම් ජනතාව ත‍්‍රස්තවාදය හෙළාදකිනවා. ඔවුන්ට අවශ්‍ය සාමයයි. ඔවුන්ටත්් සැබෑ ශී‍්‍ර ලාංකිකයන් ලෙස අනෙක් ජාතීන් සමඟ එක්ව ජීවත්වීමට ඉඩ දිය යුතුයි.

ශී‍්‍ර ලාංකිකයන් ලෙස සැකය දුරලා එකට සමගිව ජීවත්වීමට ඉඩදිය යුතුයි.

මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රාවුෆ් හකීම් (සජබ*

විමර්ශන කොමිසම පත් කිරීමේදී කලින් ආණ්ඩුවත් වත්මන් ආණ්ඩුවත් පත්කරන කමිටුවලට අනිත් ජාතීන්ගේත් නියෝජනයක් තිබිය යුතුයි.

කතෝලික ජනතාව වගේම මුස්ලිම් ජනතාවත් පාස්කු ප‍්‍රහාරයෙන් පසුව පීඩනයට ලක්වෙලා. අපට වෙළුම් 22න් දෙකයි ලැබුණේ.

මහ මොළකරු හඳුනාගත් බවත් නවුෆර් මවුලවි බවත් ආණ්ඩුව කියනවා. මම හිතනවා තවම මහ මොළකරු හඳුනාගෙන නැහැ කියලා. කොමිසමත් මහ මොළකරු හඳුනාගත්තේ් නැහැ. මේ චිත‍්‍රපටයේ නවුෆර් මවුලවි තිර රචකයා වෙන්න පුළුවන්. සහරාන් නළුවා විය හැකියි. නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කවුද? එය දෙයාකාරයකින් සිදුවී තිබෙනවා.

නවුෆර්ගේ සාක්ෂි ලබා ගැනීමට යෑමේදී නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය එල්ල කළා. සාරා දැන් අතුරුදන්. සයින්දමරුදු බෝම්බ පුපුරද්දී ඔහුගේ කටහ`ඩ ඇසී තිබෙනවා. ඔහු ඉන්දියාවට පලා ගිය අයුරුත් දක්වා තියෙනවා. ඊශ‍්‍රායල් බුද්ධි සේවා ප‍්‍රහාරය පිටුපස සිටියාදෝ කියන සැකයත් ඇති වී තියෙනවා. සහරාන්ගේ බිරිඳ සාරා ගැන සාක්ෂි දී තියෙනවා.

බුද්ධි අංශය ගැන සාධාරණ සැකයක් ඇති වෙනවා. සමස්ත බුද්ධි අංශයම නොවෙයි. ඉතා සුළු පිරිසක්. ඔත්තුකරුවන් ලෙස සිටි අය අනික් පැත්තට හැරී මෙහෙයවීම ගැනත් විවධ සාධාරණ සැක සංකා තිබෙනවා.

සම්පූර්ණ කොමිෂන් සභා වාර්තාව අපි ප‍්‍රතික්ෂේප කරන්නේ නෑ. සමහර තැන්වල ප‍්‍රශ්න තියෙනවා. නවුෆර් මවුලවිගෙන් මේ ප‍්‍රශ්නය අවසන් කරන්න එපා.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා (ශී‍්‍ර ල. පො. පෙ.*

එජාප ආණ්ඩුව පැවැති සෑම අවස්ථාවකදීම ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වුණා.

2002 සාම ගිවිසුම අත්සන් කරන අවස්ථාව රටට සුවිශේෂයි. කොටින්ට නිල පිළිගැනීමක් දුන්නා. ඊට පෙර පැවැති පාලනයන් හමුදා කඳවුරු පාවා දුන්නා.

බුද්ධි අංශ පාවා දුන්නා. ගිය ආණ්ඩුව කාලයේ බුද්ධි අංශවලට විශ්වාසයක් ඇති වුණේ නැහැ. පාස්කු ප‍්‍රහාරය එල්ල වුණේ ඒ නිසයි.

පොළොන්නරුව දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රෝහණ බණ්ඩාර මහතා (සජබ*

කාදිනල්තුමා අපේ‍්‍රල් 21ට පෙර පාස්කු ප‍්‍රහාරය ගැන පරීක්ෂණ අවසන් කරන්න කියලා කියපු නිසා හදිසියේම මහ මොළකරුවෙක් ඉදිරිපත් කරලා.

ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ශාන් විජේලාල් ද සිල්වා (ශී‍්‍රලපොපෙ*

පාස්කු කොමිෂන් වාර්තාව වැඩි දෙනකුගේ විරෝධයට ලක්වුණා. එහි නිර්දේශ වැරදි ලෙස පිළිගෙන වැරදිකරුවන් නම් කරලා දඬුවම් දීලා ඉවරයි.

හිටපු ජනපතිටත් අවශ්‍යතාවත් තිබුණ ප‍්‍රහාරය ගැන සත්‍ය තොරතුරු දැනගන්න. ඒ නිසයි කොමිසම පත්කළේ. දැන් වාර්තාව භාරදී තියෙනවා. නීතිපති ඉදිරි කටයුතු කරයි.

මාතලේ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (ශී‍්‍රලපොපෙ*

අපේ පාර්ලිමේන්තුව එකට එකතු වී එක තීරණයක් ගත්තු අවස්ථා ඉතා අඩුයි. කොටි ත‍්‍රස්තවාදී යුද්ධයෙන්, සුනාමි ව්‍යසනයෙන්, කොරෝනා වසංගතයෙන්, පාස්කු ප‍්‍රහාරයෙන් එක තීරණයක් ගන්න සියලූ පක්ෂවලට බැරි වුණා. දෙකට තුනට බෙදී ගහගත්තා චෝදනා කර ගත්තා. ඒ නිසා ජනතාවට පාර්ලිමේන්තුවේ 225 ගැනම තරහක් තියෙන්නේ.

ආරක්ෂාව ගැන තිබුණු අලසකම නිසා තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගන්න බැරි වුණා. වැරදි වැඩ නිසා දරුවන් 61ක් මියගියා. මේ වැරදිකරුවන් සියලූ දෙනාට අපේ ආණ්ඩුව දඬුවම් දෙනවා.

රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා

සහරාන්ගේ ප‍්‍රහාරය අවශ්‍ය වුණේ නැහැ මේ ජනාධිපතිට බලයට එන්න. රටේ ආරක්ෂාව තහවුරු කර තිබුණා නම් මේ ප‍්‍රහාරය එල්ල කිරීමට කිසිම ඉඩක් ඇතිවන්නේ නැහැ. ගිය ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්ව දෙකෙහි

නොගැළපීම මේ තත්ත්වය ඇති වීමට හේතු වුණා.

කොමිසම කරන්නේ පරීක්ෂණ පමණයි. ඉදිරිපත් වන සාක්ෂි මත පමණයි වාර්තාව හදන්නේ. සී. අයි. ඞී. එස්. අයි. එස්., ටී. අයි. ඞී ඉන්නවා සැකකරුවන් හඹා ගොස් සාක්ෂි ලබා ගැනීමට.

පාස්කු ප‍්‍රහාරයක් නැතත් ගිය ආණ්ඩුව පරාජය වීම නියතව තිබුණා. ආර්ථිකය වැටුණා. ආරක්ෂාව වැටුනා ජනතාව ආණ්ඩුව වෙනස් කරන්න තීරණය කර තිබුණා.

පාස්කු වාර්තාවේ ඇතැම් කරුණු ඉතා පැහැදිලිවම පරීක්ෂණවල දුර්වලතාවන් දක්වා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ප‍්‍රමාදයන් ද දක්වා තිබෙනවා.

යහපාලනය ගැන කතා කළත් මොන යහපාලනයක්වත් ඒ ආණ්ඩුව යටතේ තිබී නැහැ. ජාතික ආරක්ෂක රැුස්වීමට අගමැති සහභාගි වී නැති බව සඳහන් වෙනවා. එයින්ම ආරක්ෂාව බිඳ වැටීම ගැන කියැවෙනවා.

බදුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චාමර සම්පත් දසනායක මහතා (ශී‍්‍රලපොපෙ*

පාස්කු ප‍්‍රහාරය එල්ලවෙද්දී ජනාධිපති විතරක් නොවෙයි ආණ්ඩුවේ හිටියේ. අගමැතිවරු ඇමැතිවරු හිටියේ නැද්ද? ඇයි එක් අයෙකුට පමණක් ඇඟිල්ල දික් කරන්නේ.

පාස්කු ප‍්‍රහාරය ගැන 2016 දී විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා අනතුරු හැඟවූවා. නිකමටවත් ආණ්ඩුව ඒ ගැන බැලූවෙ නැහැ. ඇමැතිවරයාට පහර ගැසුවා. 2017 දී විදේශ ත‍්‍රස්ත සංවිධාන ගැන විදේශ ලේකම්වරයා කරුණු දැක්වූවා. විවිධ තොරතුරු ආවා. ප‍්‍රහාරය එල්ල වූ මොහොතට පමණක් සිද්ධිය ලඝු කරන්න එපා. අද අගමැති, හිටපු ආරක්ෂක ලේකම්වරු ගැන කතා කරන්නේ නැහැ. සමහර ඇමැතිවරු තාත්තා පල්ලි යන්න එපා කියල කිව්ව නිසා පල්ලි ගියේ නැහැ. මොවුන් අද ගම්පහින් ඡුන්දයට එන්න හදනවා. හිටපු ජනපති මෛතී‍්‍රට චෝදනා එල්ල කරන්න එපා.

මන්තී‍්‍ර ගුණතිලක රාජපක්ෂ මහතා (ශී‍්‍රලපොපෙ*

එදා සියලූ තීරණ ගන්තේ් අරලියගහ මන්දිරයේ සිටයි. පුහුණු කඳවුරු ආයුධ ගබඩා හම්බවුණා. ඒවාට කිසිම කි‍්‍රයාමාර්ගයක් ගත්තේ් නැහැ. අවසානයේ අසරණ ජීවිත නැති වුණා.

එදා අසාද් සාලිලාට ආණ්ඩුකාරකම දුන්නා. මේ වගේ පුද්ගලයො තමයි සැකකරුවන් ආරක්ෂා කළේ. මොවුන්ව නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් දිය යුතුයි.

මේ ප‍්‍රහාරය අපේ ආණ්්ඩුව පිට දාන්න එලෙස උත්සාහ කරනවා. ඇත්ත සිද්ධිය ජනතාව හොඳින් දන්නවා.



පාර්ලිමේන්තුව අද (08 දා* පෙරවරු 10.00ට යළි රැුස් වීමට නියමිතය.


 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles