ඒ. ජේ. ඒ. අබේනායක
විවිධ ආකාරයෙන් අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති සමස්ත ලංකා තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (07දා* පොලිස්පතිවරයාට ලිඛිතව අනුමැතිය ලබා දුන්නේය.
ශ්‍රී ලංකා ඉස්ලාම් ශිෂ්‍ය සංගමය (ජමියා) ඇතුළු එකී සංවිධාන 11 පසුගිය වසර කිහිපයේදී රටේ ක්‍රියාත්මක වී ඇති ආකාරය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිස්පතිවරයා එකී සංවිධාන සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබිණි.
ඒ අනුව එකී සංවිධාන 11 වහාම තහනම් කිරීමට නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් හා අවසර ලබාදෙමින් මාර්ගෝපදේශ නිකුත් කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයින’ට ප්‍රකාශ කළාය.
එක්සත් තවුහීද් ජමාත්, සිලෝන් තවුහිද් ජමාත්, ශ්‍රී ලංකා තවුහීද් ජමාත්, සියතුල් අන්සාර් මොහොම්මදියා, ජගුර් කාදර් ජම්බුල් කාදර්, අයි.එස්.අයි.එස්, සේව්ද පර්ල්ස්, ෂුපර් මුස්ලිම් සංවිධානය සහ ඒ. එල්. කිව් සංවිධානය එලෙස තහනම් කිරීමට අනුමැතිය ලබාදුන් සෙසු සංවිධාන වෙයි.