Divaina - මැති සබයේ ගාලගෝට්‌ටි... රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසියි.... ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්‌ දෙනතුරු අසුන අහිමි කරන්න එපා.... සජිත් ප්‍රේමදාස....

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 
manthredurayaසමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (07 දා* නිවේදනය කළේය.
 
 පාර්ලිමේන්තුව ඊයේ පෙරවරුවේ ආරම්භකළ අවස්ථාවේදී නිවේදන යටතේ කථානායකවරයා මේ බව සභාවට දැනුම් දුන්නේය.
 
 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 66 (ඈ* ව්‍යවස්ථාව ප‍්‍රකාරව ගම්පහ මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක මහතාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වී ඇති බවත්, ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බවත්, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දන්වා යවා තිබේ. 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(01* වගන්තිය ප‍්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර තිබේ.
 
 අදාළ නිවේදනයෙන් පසුව විපක්‍ෂය විසින් ඊට එරෙහිව අදහස් දැක්වීම නිසා පාර්ලිමේන්තුව තුළ ඊයේ යම් ඝෝෂාකාරී තත්ත්වයක් ද ඇතිවිණි.
 
 සජිත් පේ‍්‍රමදාස මහතා -
 
 අද කථානායකතුමා තීරණයක් දුන්නා රන්ජන් රාමනායක මන්ත‍්‍රීතුමාට ව්‍යවස්ථාවට අනුව ඒ මන්ත‍්‍රී අසුන අහිමි වෙනවා කියලා. ඔහු මාස තුනක කාලයක් නොපැමිණියා කියලා තමයි මේ තීන්දුව ඔබතුමා ලබා දී තිබෙන්නේ. අපි ඒ මන්ත‍්‍රීතුමාට නිවාඩු ලබා දෙන්නැයි කියලා මීට පෙර ඉල්ලීමකුත් කළා. ඔබතුමා එදා කිව්වේ අධිකරණ තීන්දුව නිසා ඊට ඉඩ ලබා දෙන්න බෑ කියලා. දැන් අභියාචනාධිකරණය තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවට එරෙහිව රංජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. නමුත් දැන් ඔබතුමා එහෙම තිබියදී අද කියනවා වෙන කෙනෙක් ඒ මන්ත‍්‍රී ධුරයට පත්කරන්න කියලා. අපි ඉල්ලන්නේ මනුෂ්‍යත්වයේ නාමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ සඳහා තීන්දුවක් දෙනතුරු ඔහුගේ අසුන අහිමි කරන්න එපා කියලා.
 
 කථානායක -
 
 නඩු තීන්දුවේ පිටපතක් මට ලැබිලා තිබෙනවා. ඒ නඩු තීන්දුව තමයි මේ දන්වලා තියෙන්නේ. ඒ තීන්දුව කියවන්න. ඒ තීන්දුව අනුව තමයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් මේ ලිපිය නිකුත්කර තිබෙන්නේ.
 
 විපක්‍ෂ නායක -
 
 ඔබතුමයි කියන්නේ රංජන් රාමනායක මහතාගේ මන්ත‍්‍රී අසුන අහිමි වුණා කියලා. ඔබතුමා අපි කරපු නිවාඩු ඉල්ලීමත් ප‍්‍රතික්‍ෂේප කරලා මන්ත‍්‍රී අසුන අහිමි කරනවා. මොකක්ද මේකේ සාධාරණත්වය.
 
 කථානායක -
 
 නඩු තීන්දුව අනුව නීතිපති සමඟ කතාකරලා තමයි අපි මේ ලිපිය යවලා තිබෙන්නේ. ඔබතුමා වැරදි විග‍්‍රහයක් කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කරන්න මන්ත‍්‍රීතුමාට අයිතිය තියෙනවා. මැතිවරණ කොමිසමට එරෙහිවත් යා හැකියි.
 
 නාමල් රාජපක්‍ෂ මහතා -
 
 මේකට ඉඩ දෙන්න එපා. අධිකරණය තීන්දුවක් ලබා දීලා තිබෙන්නේ. එතුමා එළියේ ඉඳන් අධිකරණය විවේචනය කළා. මෙතුමා ඇතුලේ ඉඳන් විවේචනය කරනවා.
 
 විපක්‍ෂ නායකතුමා -
 
 මොකක්ද මේ හදිසිය එතුමාගේ මන්ත‍්‍රී අසුන අහිමි කරන්න.
 
 නිමල් ලංසා මහතා -
 
 උසාවිය තීන්දුවක් දුන්නට පසුව අපට ඒ ගැන තවත් තීන්දුවක් දෙන්න බෑ.
 
 නලින් බණ්ඩාර -
 
 ඔබතුමා තීන්දුව දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට නොපැණීම මතයි.
 
 කථානායක -
 
 තීන්දුව දීලා ඉවරයි. ආයේ කතාකරන්න අවශ්‍ය නෑ.
 
 සභාවේ ඝෝෂා

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles