Divaina - වරාය ඇතුළට විශේෂ ඔත්තු සේවයක්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සමන් ගමගේ
 
waraya250 කොළඹ වරාය පරිශ‍්‍රයේ ති‍්‍රවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබේ. දැනටමත් එම නිලධාරීන් වරාය පරිශ‍්‍රයේ මෙහෙයුම් ආරම්භ කර ඇත. ඔවුන්ගේ රාජකාරි කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම මේ දිනවල කඩිනමින් සිදුවෙමින් තිබෙන බව වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක පැවසීය.
 
 කාලාන්තරයක සිට වරාය පරිශ‍්‍රයේ සිදුවන දූෂණ, අක‍්‍රමිකතා සහ ඇතැම් පාතාල කි‍්‍රයාකාරකම් මෙන්ම විවිධ අකටයුතුකම්වලට තිත තැබීමේ අරමුණින් මෙසේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් යෙදවීමට කටයුතු කළ බව රජය කියයි. රාජ්‍ය බුද්ධි සේවයේ ඒකකයක් කොළඹ වරාය පරිශ‍්‍රයේ පිහිටු වූ ඉතිහාසයේ පළමු අවස්ථාව ද මෙය වෙයි.
 
 අදාළ බුද්ධි නිලධාරීන් අනාවරණය කරගන්නා කරුණු රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙත වාර්තා කිරීමෙන් පසු රජයේ ඉහළම ස්ථරයට කරන දැනුම්දීම් අනුව වැරදි කරන පුද්ගලයන් හා පිරිස්වලට එරෙහිව අවශ්‍ය නෛතික කි‍්‍රයාමාර්ග ගැනීම මේ අනුව ඉදිරියේදී සිදු වනු ඇත.
 
 මේ අන්දමටම දීර්ඝ කාලයක සිට ඉල්ලීම් කර තිබුණ ද අවස්ථාවක් ලබා දී නොතිබූ කරුණක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඉකුත් වසරේ සිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විශේෂ ඒකකයක්ද වරාය පරිශ‍්‍රයේ ස්ථාපිත කරවීමට වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක කටයුතු කර ඇත.
 
 මේ අනුව ඉතා කෙටි කාලයක් තුළ වරාය හරහා මෙරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්හි වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට කටයුතු කළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් සාර්ථක වැටලීම් ගණනාවක්ම සිදු කළ බවද වරාය සභාපතිවරයා පැවසීය.
 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles