Divaina - ශ‍්‍රී ලංකාවේ නිපදවන පාම් ඔයිල් පාරිභෝජනයට අවසර තියෙනවාද... කුමාර වෙල්ගම; ඒකට බාධාවක් නෑ... ඇමැති බන්දුල ගුණවර්ධන

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අකිත පෙරේරා - රනිල් ධර්මසේන
 
parmoilමෙරටේ මේ වන විටත් නිෂ්පාදනය කෙරුණු පාම් ඔයිල් පරිභෝජනය සඳහා ආණ්ඩුව අවසර ලබා දෙන්නේ දැයි විපක්‍ෂ මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ඒ සඳහා බාධාවක් නැති බවය.
 
 කෙසේ වෙතත් අලූතෙන් මෙරටේ පාම් ඔයිල් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් කටුපොල් ශාක වැවීමට අවසර ලබා නොදෙන බව ද මෙහිදී ඇමැතිවරයා කීය.
 
 කුමාර වෙල්ගම මහතා -
 
 පාම් ඔයිල් හදන කටුපොල් ශාකය මේ වන විට අපේ රටේ වගා කර තිබෙනවා. අපේ ගමේ එම වගාවන් සිදුකෙරෙනවා. ආණ්ඩුව ඒවා වවන්නත් අවසර ලබා දීල තියෙනවා. ඒ නිසා දැන් එම නිෂ්පාදන අපේ රටේ භාවිතා කරන්න දෙනවාද?
 
 ඇමැති බන්දුල ගුණවර්ධන මහතා -
 
 රට ඇතුළත නිෂ්පාදනය කරන ඒවාට බාධාවක් නෑ. නමුත් පිටරටින් පාම් ඔයිල් ගෙන්වීම තහනම් කර තිබෙනවා. ඒ වගේම අලූතින් වවන්න ඉඩ දෙන්නේ නෑ. රට ඇතුළත ප‍්‍රමාණයට අනුව නිෂ්පාදනය කරනවට අපේ බාධාවක් නෑ. ඒ වගේම මේක එක පාරටම නවත්වන්න බෑ. බිස්කට් නිෂ්පාදනය සඳහා මේවා අවශ්‍ය වෙනවා. ඒ නිසා පිරිසිදු කරපු පාම් ඔයිල් අර කෲඞ් ඔයිල් නොවෙයි. යම්කිසි ප‍්‍රමිතියක් තුළ පමණක් ආනයනය කිරීමට අපි බලපත‍්‍රයක් දෙනවා.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles