කීර්ති වර්ණකුලසූරිය
පාස්කු ප්‍රහාරයේදී සිය වගකීම පැහැර හැරි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නවදෙනකුට එරෙහිව විනය පියවර ගැනීමට රජය තීරණය කර ඇත.
මොවුන් අතර පොලිස් අධිකාරිවරු තිදෙනෙක්, බුද්ධි ප්‍රධානියෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් ද වේ.
පාස්කු ප්‍රහාරය සිදු වී වසර දෙකක් සමීප වන අවස්ථාවේ මෙම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර ඇත්තේ ඔවුන් වරදකරුවන් බව සාක්ෂිවලින් සනාථ වීමය .
පාස්කු ප්‍රහාරය බරපතළ සිද්ධියක්. මේ නිසා එම නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම හෝ ධුරවලින් පහළට දැමීම සහ විශ්‍රාම යැවීමේ ක්‍රියාමාර්ග ගත හැකියි යැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
මෙතෙක් මෙම නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගෙන නැත.