Divaina - ප‍්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තා වසර 4කින් පාර්ලිමේන්තුවට එවා නෑ... බුද්ධික පතිරණ මැති සබයේදී කියයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අකිත පෙරේරා / රනිල් ධර්මසේන
 
 pramathiශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තා වසර හතරකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බැවින් එකී වාර්ෂික වාර්තා කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි විපක්‍ෂ මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා (සජබ* කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා* විශේෂ ඉල්ලීමක් කළේය.
 
 පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ආණ්ඩු පක්‍ෂය විසින් වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන අවස්ථාවේ බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයා මේ පිළිබඳ ප‍්‍රශ්න කළේය.
 
 එම අවස්ථාවේදී වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සිය අමාත්‍යාංශයට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරමින් සිටියේය.
 
 බුද්ධික පතිරණ මහතා -
 
 ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තා 2016 න් පසුව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා නෑ. 2017, 2018, 2019 සහ පුළුවන්නම් 2020 ත් ලෙස වසර හතරක වාර්ෂික වාර්තා නිකුත් කළ යුතුයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ එම වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරන්න.
 
 ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා -
 
 ඔබතුමා කියන්නේ ප‍්‍රමිති ආයතනය ගැන පමණයි.
 
 පසුගිය රජය මේ සියලූම වාර්ෂික වාර්තා පිළිබඳ කටයුතු නොසලකා හැරියා. 2015 සිට දිගින් දිගටම නොසලකා හැරලා. සියලූම වාර්ෂික වාර්තා ගෙන්වන්න ඕනෑ.
 
 බුද්ධික පතිරණ මහතා -
 
 බන්දුල ඇමැතිතුමා කියන එක හරි. මම ඒ කාලෙ ඔය පැත්තෙ ඉන්නකොට කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ ගැන හිටපු කථානායකතුමා නියෝගයකුත් දුන්නා. නමුත් ඊට වඩා ඒ ආයතන ප‍්‍රබලයි. නියෝග නොසලකා හැරලා.
 
 ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා -
 
 අපි ඒ කාලෙ සතොස ඇතුළු ආයතනවල ඒ වාර්තා ඔක්කොම නිසි පරිදි ගෙනඑන්න කටයුතු කළා. නමුත් ඊට පසුව ඔබතුමාලගේ රජය මේවා හරියට කළේ නෑ.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles