Divaina - රූමස්සල හෝටල් ව්‍යාපෘතියට එරෙහිව උසාවි යයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ඒ. ජේ. ඒ. අබේනායක
 
rumassalaරූමස්සල අභයභූමිය ආසන්නයේ අක්කර 10ක වපසරියක් තුළ ඉදිකරමින් පවතින දැවැන්ත හෝටල් ව්‍යාපෘතිය නිසා සිදුවන පරිසර හානි වළකාලන ලෙසට පරිසර බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේය.
 
 ගාල්ල උණවටුන, රූමස්සල අභයභූමිය ආසන්නයේ පිහිටි යක්දෙහිමුල්ල ප‍්‍රදේශයේදී මෑතකදී ආරම්භකළ උණවටුන බීච් හොටෙල් ඇන්ඞ් ස්පා නමැති කාමර 250කින් යුතු එකී දැවැන්ත හෝටල් ව්‍යාපෘතිය ඉඳිකිරීම් සඳහා පාරිසරික රෙගුලාසි නොතකා උස් ගොඩනැඟිලි සෑදීමටද නාගරික සංවර්ධන අධිකාරිය අවසර ලබා දී ඇති බැවින් අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙසට නියෝගයක් කරන්නැයිද එමගින් ඉල්ලා තිබේ.
 
 පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා විසින් ගොනුකර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අරලිය ගෲප් සභාපති ඩබ්ලිව්. සිරිසේන, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වන සංරක්ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා නම්කර ඇත. වන සත්ත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති ජෛව විවිධත්වයෙන් ගාල්ල උණවටුන ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින එකී හෝටල් ව්‍යාපෘතිය සඳහා යද්දමුල්ල සිට රූමස්සල පීල්ල හංදිය දක්වා අඩි 20 - 40 දක්වා පළලින් යුත් මාර්ගයක් ඉදිකිරීමට බලධාරින් අවසර ලබාදී ඇති බවත් එකී මාර්ගය ඉදිකළහොත් රූමස්සල අභයභූමි පරිසර පද්ධතියට දැවැන්ත හානියක් සිදුවිය හැකි බවත් පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී තිබේ.
 
 ඊට අමතරව මෙම හෝටල් ව්‍යාපෘතියෙන් නිපදවෙන අපද්‍රව්‍ය මහමුහුදට එකතු කිරීමට කටයුතු සම්පාදනය වෙමින් ඇති බවත්, එසේ වුවහොත් දැඩි සමුද්‍රීය පරිසර ¥ෂණයක් සිදුවිය හැකි බවත් පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබේ.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles