සමන් ගමගේ
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඉන්දියාවේ අදානි සමාගම සහ එහි මෙරට නියෝජිත සම`ග එක්ව ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ස`දහන් කළේය.
මේ සම්බන්ධයෙන් පත් කළ සාකච්ඡුා සම්මුති කමිටුව මගින් ලබා දෙන ලද ඉදිකිරීම්, මෙහෙයුම් පවත්වා පවරා දීමේ යෝජනා සහ ඉල්ලීම් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහ ජපන් තානාපති කාර්යාලය වෙත යොමු කිරීමට රජය මීට සති තුනකට පමණ ඉහතදී කටයුතු කළේය.
ඒ අනුව ආයෝජකයන් නම් කරන ලෙස අදාළ ¥ත මණ්ඩල කාර්යාලවලට දැනුම් දුන් අතර ඉන්දීය රජය අදානි සමාගම නම් කළද, ජපන් රජය කිසිදු ආයෝජකයකු නම් නොකළ බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මේ අනුව අදානි සමාගම සම`ග එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර තිස්පහක කාලයක් ස`දහා කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කර ක්‍රියාත්මක කොට ආපසු භාර දීමේ පදනම යටතේ එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඇමැතිවරයා ස`දහන් කළේය.
වරාය සහ නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පෙරේදා (01 වැනිදා* රැුස්වූ ඇමැති මණ්ඩල රැුස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කළ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා මාර්ගගත ක්‍රමය ඔස්සේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී කරුණු දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා මේ බව කීය.