Divaina - පාස්කු කොමිෂන් වාර්තාව ගැන වත්මන් රජයට කිසිම වගකීමක් නෑ

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සමන් ගමගේ
 
kehaiyaපාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය ඇතුළු වත්මන් රජයට කිසිදු බැ`දියාවක් හෝ වගකීමක් නොමැති බව සම කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
 
 එම කොමිෂන් සභාව ඉල්ලා සිටීම මෙන්ම පත්කිරීමේ වගකීම ඇත්තේ ඉකුත් යහපාලන රජයේ ජනාධිපතිවරයාට සහ එම රජයට බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
 
 පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වූ කොමිෂන් සභාව ස්වාධීන එකක් වන අතර එමගින් නිකුත් කළ වාර්තාවෙන් කිසියම් පාර්ශ්වයකට අවාසිදායක තත්ත්වයක් ඇති වී තිබේ නම් එය පිළිගැනීම හෝ නොපිළිගැනීම අදාළ අයගේ කාර්යයක් බවද කෙහෙළිය රඹුක්වැල්ල ස`දහන් කළේය.
 
 පිටු හයසියයකින් යුතු අදාළ වාර්තාව ඉංගී‍්‍රසි භාෂාවෙන් පෙබරවාරි පළමුවැනිදා ඉදිරිපත් කෙරුණු අතර සාමාන්‍ය ක‍්‍රමවේදය තුළ රජය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේදී විපක්‍ෂයේ ඇතැම් පාර්ශ්වයන්ට ඒ සම්බන්ධයෙන් අශීලාචාර හදිසියක් ඇතිවූ බවද ඇමැතිවරයා කියා සිටියේය.
 
 එම තත්ත්වය තුළ කවුරුන් මොන ප‍්‍රකාශ සිදු කරනු ලැබුවද රටේ ජනතාව ඒ කිසිත් නොපිළිගන්නා බව රජයේ විශ්වාසය වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
 කැබිනට් තීරණ දැනුම්දීම ස`දහා ඊයේ (02 වැනිදා* මාර්ගගත ක‍්‍රමය ඔස්සේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව අනාවරණය කළේය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles