Divaina - වෛරස බැක්ටීරියා නසන මාස්ක් එකක් පේරාදෙණිය සරසවියෙන්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  සිරිල් විමලසුරේන්ද්‍ර
 
 maskකොවිඞ් වෛරසය ඇතුළු ඕනෑම වෛරසයක් සහ බැක්ටීරියාවක් විනාශ කිරීමේ ශක්තිය ඇති විශේෂිත මුහුණු ආවරණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කර තිබේ.
 
 විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් කලක් සිදුකළ පාර්යේෂණයකින් පසුව මෙම මුහුණු ආවරණය නිෂ්පාදනය කර ඇත.
 
 ඉතා ඉහළ තාක්ෂණයෙන් යුත් ස්තර තුනකින් සමන්විත වන මෙම මුහුණු ආවරණය මගින් කෙළ බිඳිති වැනි ද්‍රව්‍යයම දෑ ඉවත් කිරීම, වෛරස බැක්ටීරියා විනාශ කිරීම, ද්‍රව හා තෙතමනය උරා ගැනීම හා නැනෝ තාක්ෂණය මගින් වාතය පෙරීම වැනි කාර්යයන් සිදුවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අංශයේ ප‍්‍රධානී මහේෂ් අබේවික‍්‍රම මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි.
 
 නව නිපැයුම වෙළෙඳපොළට නිකුත් කිරීමට ද සූදානමින් සිටින බවත් එය හඳුන්වාදීම ළඟදීම සිදු කෙරෙන බවත් නිවේදනයේ දැක්වෙයි. උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් මුහුණු ආවරණය නිෂ්පාදනය කළ විශේෂඥ කණ්ඩායමේ සහභාගිත්වයෙන් එය සිදු කිරීමට නියමිතය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles