උපාලි ද සේරම්
කොවිඞ් පාලන එන්නත තම සේවකයිනට ද ලබාදෙන ලෙස බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැුසක් ඉල්ලීම් කර ඇතත් එම එන්නත ලබාදීම සිදුකරන්නේ දැනට සකස් කර ඇති ජාතික වැඩපිළිවෙළට අනුව බව කොවිඞ් පාලනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහන් කරයි.
ඒ අනුව කොවිඞ් රෝගය පැතිර යෑමේ හැකියාව සහිත අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ග්‍රාමසේවා කොට්ඨාසවල පදිංචිකරුවන්ට ප්‍රමුඛත්වය දෙමින් මෙම එන්නත ලබාදෙන බවත් වෙනත් පළාත්වල සිට බස්නාහිර පළාතට පැමිණ සිටින අයට දෙවනුව එන්නත ලබාදෙන බවත් එම කාර්ය සාධක බලකාය පවසයි. මීට අමතරව මාධ්‍ය ආයතනවලින් පිටතට ගොස් පුවත් වාර්තා කරන මාධ්‍යවේදීන්ට ද මෙම එන්නත ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදීමට තීරණය කර ඇත. මේවනවිට ලක්ෂ පහකට අධික පිරිසකට ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නත ලබාදී ඇතැයිද එම බළකාය සඳහන් කරයි.
- Hits: 303