Divaina - පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සියලුදෙනා වහා නීතිය හමුවට කැඳවන්න

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

නෝමන් පලිහවඩන
 
bishopපාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණ කටයුතුවලදී අද සිදුවී ඇත්තේ එහාට මෙහාට බෝලය පාස් කිරීමක් යැයිද අපට අවශ්‍ය වී ඇත්තේ මෙම අපරාධය පිළිබඳව මහ මොළකරු මෙන්ම ඊට දායක වූ පුද්ගලයන් නීතියේ රැහැනට කොටුකර ගැනීම යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ සවස අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළහ.
 
 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයේදී අප සමග එකට හිටගත් අය අතර භික්‍ෂූන් වහන්සේලා, බොදුණු සහෝදර සහෝදරියන්ගෙන් අපට ලැබුණ සහයෝගය අදත් ලැබීම මහත් ශක්තියක් යැයි ද කාදිනල්තුමා සඳහන් කළේය.
 
 මේ මහා අපරාධය පිළිබඳව සමහරු දේශපාලන පක්‍ෂවල සෙවන සොයා බේරීමට ප‍්‍රයත්න දරන බවද කාදිනල්තුමා වැඩිදුරටත් කීවේය.
 
 මෙම ප‍්‍රහාරයට ඍජුව සම්බන්ධ අය සහ ඊට අනුබල දුන් අය අනාවරණය කරගැනීම මිස ජාතික බෞද්ධ සංවිධාන තහනම් කිරීම උචිත නොවන බවද කාදිනල්තුමා සඳහන් කළේය.
 
 කාදිනල්තුමා මෙසේ ද කීවේය.
 
 වසර එකහමාරක් වැනි කාලයක් පුරා මේ ප‍්‍රහාර පිළිබඳ නොයකුත් කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට කි‍්‍රයාකළ එම ජනාධිපති කොමිසමේ සාමාජික සියලූ දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා.
 
 මෙම වාර්තාව ගැඹුරු අධ්‍යයනයකට භාජනය කර ඒ
 
 ගැන අපගේ නිගමන කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා මාගේ ප‍්‍රධානත්වයෙන් මගේ සහයක රදගුරුතුමන්ලා ද පියතුමන්ලා සහ විශේෂඥ මහතුන් කිහිප දෙනකුගෙන් යුතු අප කණ්ඩායම කි‍්‍රයාකරන බව ඔබට දන්වා සිටිනවා.
 
 එහෙත් ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳ මේ වන විටත් නොයකුත් අය විසින් විවිධ මත පළකර තිබුණත් මෙම වාර්තාව සියුම්ව අධ්‍යයනය කරන තුරු ඒ පිළිබඳව නිශ්චිත නිගමනයක් මේ මොහොතේ ඔබට ඉදිරිපත් කිරීමට අපට නොහැකි බව මතක් කර සිටිනවා.
 
 ජනාධිපති කොමිෂන් සභාව සිය කටයුතුවල යෙදෙන අතරතුර රටේ ආරක්‍ෂාව භාර අදාළ ආයතන වන, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව :ක්‍ෂෘ* ත‍්‍රස්ත විමර්ශන ඒකකය :ඔෂෘ* හා රාජ්‍ය බුද්ධි සේවය :ීෂී* යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ගැඹුරින් සිදු කළා දැයි යන්න ගැන විශාල සැකයක් තිබෙනවා. කෙසේ හෝ පාස්කු ප‍්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් කොටුකර ගැනීමට මෙම ඉහත සඳහන් රාජ්‍ය අංශ කටයුතු කරන බවක් පෙනෙන්නට නැති බව පැහැදිලිව ප‍්‍රකාශ කළ යුතුයි.
 
 ඒ නිසා අපි දැන් ඉතා ඕනෑකමින් බලධාරීන්ගෙන් අසන්නේ මේ ප‍්‍රහාරවලට මුල් වූ මහ මොළකරුවන්, ඒවාට අනුබල දුන් අය, මුදල් දායකත්වය දුන් අය වගේම ඒවා සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුණු විවිධ විමර්ශනයන් දුර්වල කිරීමට සහ කඩාකප්පල් කිරීමට අත ගැසූ අය ගැන පරීක්‍ෂණ පවත්වා මෙකී සියලූ අය නීතිය හමුවට ගෙන ඒමට, ප‍්‍රහාරය සිදුවී වසර දෙකක් ගතවුවත් තවමත් නොහැකි වී ඇත්තේ ඇයි ද යන්න අපට පැහැදිලි කර දෙන්න කියාය.
 
 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ බොදුබල සේනා සංවිධානය තහනම් කිරීම පිළිබඳ තිබෙනවා යැයි කියන කිසියම් නිර්දේශ සම්බන්ධයෙන් නොයකුත් මත සමාජගත වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මට කියන්නට තිබෙන්නේ අපට අවශ්‍ය වන්නේ මෙම ම්ලේච්ඡු ප‍්‍රහාරයට ඍජුවම සම්බන්ධ අය සහ ඊට අනුබල දුන් අය අනාවරණය කර ගැනීම මිස ජාතික බෞද්ධ සංවිධාන තහනම් කිරීම නොවන බවයි. එවැනි නිර්දේශ නිසා පාස්කු ප‍්‍රහාරයේ සැබෑ කතුවරු සොයා යෑමේ උත්සාහය යම් ලෙසකින් වෙනත් මඟකට යොමු කරනු ලබන බව අපේ හැඟීමයි. මේ ප‍්‍රහාරයෙන් මියගිය අය අතර කතෝලික අය පමණක් නොව කිතුනු, බොදුනු, හින්දු බැතිමතුන්ද, අහිංසක මුස්ලිම් බැතිමතුන් ද කිහිප දෙනකු සිටිනවා. ත‍්‍රස්ත ප‍්‍රහාරවලට ආගමක්, ජාතියක්, භාෂාවක් නැහැ. ඒ නිසා ඒවාට අනුබල දීම සාපරාධී කි‍්‍රයාවක්.
 
 තව එක දෙයක් පැහැදිලි කළ යුතුව තියෙනවා. එනම් මේ ප‍්‍රහාරය ගැන විවිධ පෙර දැනුම්දීම් ලැබුණත් ප‍්‍රහාරය ගැන දැන දැනත් තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණු මුදුන්පත් කරගනුවස්, එය වළක්වන්න කටයුතු නොකළ අය කළේ මහ පොළොව උසුලන්නේ නැති මහා අපරාධයක්. ඒ අය දැන් දේශපාලන පක්‍ෂවල, සෙවන සොයා තමන් ශුද්ධවන්තයන් හැටියට පෙනී ඉඳල බේරෙන්න හදනව. ඞීල් දේශපාලනයේ යෙදෙන්න කවුරු කවුරුත් මාන බලනවා. තමන් ජනතාවට සේවය කරනවයි කියල ඉහළ තනතුරුවලට ඇවිල්ල අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට වෙන්නට යන විනාශය
 
 ගැන දැන දැනත් ඒ සම්බන්ධයෙන් කිසිත් නොකර සිටි අයට ඒ ගැන යම් දවසක දැනුම් දෙන්න වෙන බව අපි කවුරුත් මතක තබාගත යුතු වෙනවා. තමන්ගේ ආගමට, ජාතියට, පක්‍ෂයට අයිති නිසා මොන වැරැුද්ද කෙරුවත් ඒ අයව ආරක්‍ෂා කරගන්න, නොයෙක් අංශවලට බලපෑම් කරල, මුදල් විසිකරලා, අදාළ ෆයිල් ගොනු යට ගහල, දේශපාලන ඞීල් දාලා කරන දීන කි‍්‍රයා නිසා අපරාධ පිටුපස සිටින සැබෑ කර්තෘවරු නිදැල්ලේ පසුවෙනවා. එවැනි අයට ද මේ මරණ හා දුක්වේදනාවල්වල විලාපය ගැන කවදාහරි ගණන් දෙන්න වෙනවා. අපි එවැනි අය ගැන දැඩි ලෙස කනගාටු වෙනවා. කොයි ලොකු පුටුවේ හිටියත් බොරු කරල බේරෙන්න හම්බවන්නෙ නෑ කියල අපි ඒ අයට මතක් කරනවා.
 
 අපි පළමු වතාවට ලබන ඉරිදා සාමකාමී විරෝධතා ව්‍යාපාරයකට ඇතුළු වෙනවා. ලබන අපේ‍්‍රල් 21 වැනිදා වෙන විට අපට එවැනි විනිවිද පෙනෙන ක‍්‍රමවේදයක් හරහා යුක්තිය ඉටු නොවන බව වැටහුණොත් කළු ඇඳුම් ඇඳීම පමණක් නොව පාස්කු ප‍්‍රහාරයට වසර දෙකක් සපිරෙන, ලබන අපේ‍්‍රල් 21 වැනිදාට කළු කොඩි ඇදල මේ පිළිබඳ අපේ දැඩි විරෝධතාවය පෙන්නුම් කිරීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කරනවා.
 
 අපි මේ විරෝධතා ව්‍යාපාරය දියත් කරන්නේ ජනාධිපති කොමිසම් වාර්තාවට නොවන බවත් එම වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳව වෙනම ප‍්‍රකාශයක් පසුව කිරීමට බලාපොරොත්තු වන බව මතක් කරනවා.
 
 කොළඹ සහයක රදගුරු මැක්ස්වල් ජේ. ඞී. ඇන්තනි, ඇන්ටන් රංජිත් යන රදගුරුවරු මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles