Divaina - සා. පෙළ විභාගය අගෝස්තුවේ: උ. පෙළ දෙසැම්බරයේ... කැබිනට් පති‍්‍රකාව ලබන සතියේ

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අනුර බාලසූරිය
 
 examමෙතෙක් දෙසැම්බර් මාසයේ පැවැති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, අගෝස්තු මාසයේ පැවැති උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
 
 මේ සඳහා වන කැබිනට් පති‍්‍රකාව ලබන සතියේදී ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු මෙම යෝජනාව ජනතා කැමැත්ත මත කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.
 
 අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ඉහත මාස දෙක තුළ පැවැත්විමට කටයුතු කිරීමෙන් දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර වැයවන කාලය මාස නවයකින් අඩුකර ගැනීමට හැකිවනු ඇතැයි ද ලේකම්වරයා පැවසීය. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමෙන් පසු සමත්වන සිසුන්ට ජනවාරි මාසයේ සිට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles