Divaina - බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමේ අරමුණ සමස්ත ජාතියම දුර්වල කිරීමයි... පෞද්ගලික වෛරයක් ආධුනික ලියවිල්ලෙන් මතුවෙනවා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කොමිෂන්වල සාමාජිකයන්ගේ පරිණතභාවය ගැන අවධානය  යොමුකළ යුතුයි

bodubalasenasබොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් උත්සාහ දරන්නේ සමස්ත ජාතියම දුර්වල කොට මෙරට ජාතික රාජ්‍ය බිඳ දැමීමේ කුමන්ත‍්‍රණයක කොටසක් වශයෙන් යැයි එම සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

වසරකට වැඩි කාලයක් තිස්සේ අතිවිශාල මහජන මුදලක් ඇතුළත් රාජ්‍ය සම්පත් ප‍්‍රමාණයක් සහ මාධ්‍ය අවධානයක් ලබා ගනිමින් සිදු කරනු ලැබූ 2019 පාස්කු ඉරිදා එල්ල කරන ලද ත‍්‍රස්ත ප‍්‍රහාර විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙහි අවසන් වාර්තාව මේ වන විට නිකුත් වී ඇත. මෙම කොමිෂන් සභාව විසින් පාස්කු ප‍්‍රහාරය දියත් කළ සහ ඊට න්‍යායික සහ දාර්ශනික පදනමක් සැපයූ බලවේගයන් හඳුනා ගනිමින් එවන් ප‍්‍රහාරයක් මතුවට දියත් කිරීමේ ප‍්‍රයත්නයන් ව්‍යාර්ථ කරනු ඇතැයි පුළුල් ජනතා අපේක්ෂාවක් පැවතියද මෙම කොමිෂන් සභා වාර්තාව මගින් එවන් දෑ හිතකාමී අපේක්ෂා සම්පූර්ණයෙන්ම බිඳ හෙළා ඇති බව කණගාටුවෙන් යුතුව සඳහන් කරන්නෙමු.

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප‍්‍රමුඛ කොටගත් බොදු බල සේනා සංවිධානය මෙම ව්‍යසනයට වසර ගණනකට පෙර මෙවන් ප‍්‍රහාරයක් එල්ලවීමේ අවධානම පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කළ බව නොරහසකි. 2014දී පවා සහරාන් හෂීම් නම් අන්තවාදියෙකුගේ ක‍්‍රියා කලාපය බොදු බල සේනා සංවිධානය මෙරට හමුවේ අනාවරණය කරන ලද බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙහිදී පවා සාක්ෂිමය වශයෙන් නිරූපණය විය. බොදු බල සේනා සංවිධානය ඉස්ලාම් අන්තවාදයෙහි සැබෑ ස්වරූපය සහ මෙරටට ඉන් එල්ල විය හැකි අවධානම පිළිබදව ජනතාව දැනුවත් කිරීමෙහි පුරෝගාමී මෙහෙවරක නිරත වූ බව නොරහසකි. එකී මෙහෙවර නොසළකා හරිමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා නගා බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට මෙම කොමිෂන් සභාව විසින් උත්සාහ දරන්නේ සමස්ත ජාතියම දුර්වල කොට මෙරට ජාතික රාජ්‍ය බිඳ දැමීමේ කුමන්ත‍්‍රණයක කොටසක් වශයෙන් බව අප අවධාරණයෙන් යුතුව සදහන් කරන්නෙමු.

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අනත්ත දුක් සහ අපහාසයන් විඳිමින් අවසානයෙහි සිරදඩුවම්ද විඳිමින් පාස්කු ප‍්‍රහාරයට වසර ගණනකට පෙර ජාතිය හමුවේ සිදු කරනු ලැබූ අනතුරු හැගවීම හේතුවෙන් ඉස්ලාම් අන්තවාදය පෝෂණය වූවායැයි මෙම කොමිෂන් සභා වාර්තාව මගින් පැවසීම ඉස්ලාම් අන්තවාදයෙහි සැබෑ ස්වරූපය හිතාමතාම වසන් කිරීමෙහි වෑයමක් බව අපගේ හැගීමයි. ඇමරිකා එක්සත් ජනපදයෙහි පටන් ඉන්දියාව දක්වා රාජ්‍යයන්

ගණනාවකට එල්ලවූ ඉස්ලාමික ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ හෝ බොදු බල සේනා සංවිධානයෙහි දායකත්වය කවරක්දැයි අප ප‍්‍රශ්න කරන්නෙමු.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අලූ‍ත්ගම සහ මහරගම පැවති බොදු සමුළුවලදී සිදුකරනු ලැබූ කථාවන් සමස්තයක් සේ නොසළකමින් එකී කථාවන්හි උපුටනයන් හුදෙකලාව ගනිමින් මෙම කොමිෂන් සභාව විසින් ස්වකීය නිගමනයන්ට නොඑළඹිය යුතුව තිබිණි. එකී කථාවන්හි ඉස්ලාම් අන්තවාදයට එරෙහි දැඩි වාග් ප‍්‍රහාරයක් මිස මෙරට මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි පොදු වෛරයක් කිසිසේත් ඇතුළත් නොවේ. පූජ්‍ය  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝ බොදු බල සේනා සංවිධානය තුළ එවන් වෛරයක් නොපවතින බව මේදක්වා මෙරට සාමකාමී මුස්ලිම් ප‍්‍රජාව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ බොදු බල සේනා සංවිධානය සමග ඉතාම සමීපව කටයුතු කිරීමෙන්ම මනාව පෙනී යන බව අප සඳහන් කරන්නෙමු.

බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බව අවස්ථා කිහිපයකදීම මෙම කොමිෂන් සභා වාර්තාවෙහි දක්වා ඇත. එසේ තහනම් කළ යුත්තේ කවර නීතියක් යටතේ දැයි නිශ්චිතව දැක්වීමටවත් මෙම කොමිෂන් සභාව වෘත්තීයමයභාවයක් පළ කොට නොමැත. ඇතැම් අවස්ථාවක හුදු නිර්දේශයන්ගෙන් ඔබ්බට යමින් බොදු බල සේනාව අනිවාර්යෙන්ම තහනම් කළ යුතු බවට නියමයක් ඉදිරිපත් කරන ආකාරයට භාෂාව හසුරුවා ඇත. මෙවන් කොමිෂන් සභා වාර්තාවක් රචනා කරන තැනැත්තෙකු හට පැවතිය යුතු අපක්ෂපාතීත්වය සහ වෘත්තීයමය නිපුණත්වය වෙනුවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ බොදු බල සේනා සංවිධානය කෙරේ පෞද්ගලික වෛරයකින් කටයුතු කරන්නෙකු මෙම ආධුනික ලියවිල්ල තුළින් මතුවන බව කණගාටුවෙන් යුතුව සඳහන් කරන්නෙමු.

ජනතා විමුක්ති පෙරමුණ 1983 ජාතිවාදී කෝළාහලයට වගකිව යුතුයැයි අසත්‍ය චෝදනා එල්ල කරමින් තහනම් කිරීම තුළින් එම පක්ෂයට හා සාමාජිකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවූ බව අප අතර කවර මතවාදී වෙනස්කම් පැවතියද සඳහන් කරන්නෙමු. එම තහනම් කිරීම හේතුවෙන් ජාතියම ලේ විලක් බවට පත් වූ අතර රට කෙරෙහි අවංක හැගීමකින් කටයුතු කරන ලද තරුණ පරම්පරාවක් ජාතියට අහිමි විය. මෙම ජනාධිපති කොමිෂන් සභාවෙහි එක් කුමන්ත‍්‍රණකාරී අරමුණක් බවට පත්ව ඇත්තේ බොදු බල සේනා වැනි ජාතික සංවිධාන තහනම් කොට 1987 සිට 1989 දක්වා පැවති භීෂණකාරී තත්වයට ජාතිය ඇද දමා මෙරට තවත් දෑහිතකාමී තරුණ පරපුරක් වනසා දැමීම බව පැහැදිලිව පෙනී යන කරුණකි. යම් හෙයකින් මෙම කොමිෂන් සභා නිර්දේශ කි‍්‍රයාත්මක කරමින් අප සංවිධානය තහනම් කරනු ලැබුවද අප කිසිසේත් මෙරට නීතියෙහි රාමුවෙන් ඔබ්බට කටයුතු නොකරන බව ද අවධාරණයෙන් යුතුව පවසන්නෙමු.

තවද මෙවන් ජාතික වශයෙන් වැදගත් සහ අති විශාල රාජ්‍ය සම්පත් ප‍්‍රමාණයක් වැය වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා ස්ථාපිත කොට ඒවාට සාමාජිකයන් නම් කිරීමේදී එසේ පත් කරනු ලබන සාමාජිකයන්ගේ වෘත්තීයමය හැකියාවන් සහ පරිණතභාවය පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීමට කාලය පැමිණ ඇතැයි අප සිතන්නෙමු. අධිකරණ ක්ෂේත‍්‍රයෙහි කටයුතු කිරීම මෙවන් පරීක්ෂණ කොමිෂන් සභාවක සාමාජිකත්වයෙහි කටයුතු කිරීමට පවත්නා එකම සුදුසුකම නොවිය යුතු බව අප සිතන්නෙමු. විශේෂයෙන් මෑත කාලයෙහි පැවති සංකීර්ණ විමර්ශනයක් වන බැඳුම්කර වංචාව පිළිබඳව පත් කරනු ලැබූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ස්වකීය අවසන් වාර්තාවෙහි පෙන්වූ විශිෂ්ට වෘත්තීයමය නිපුණත්වය මෙම අපරිණත සහ අසම්පූර්ණ වාර්තාවෙහි කිසිසේත් නොමැති බව ද කණගාටුවෙන් යුතුව පවසන්නෙමු.

මෙම වාර්තාවෙහි පාස්කු ඉරු දින එල්ල කරනු ලැබූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිටුපස සිට එකී ත‍්‍රස්තවාදීන්ට දේශපාලනික, මූල්‍යමය, සන්නද්ධ, න්‍යායික සහ දාර්ශනික පදනමක් සැපයූ බලවේගයන් හඳුනා ගැනීමට කවර හෝ අවංක උත්සාහයක් දරා නොමැති බව පැහැදිලිව පෙනී යයි. එවන් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් මෙරට තුළ අනාගතයෙහි සිදු වීමේ හැකියාවන් සහ මාර්ග හඳුනා ගනිමින් ඒවාට අදාළ නිර්දේශ ජනාධිපතිවරයාට ලබා දෙනු වෙනුවට ජනාධිපතිවරයා විසින් ලබා දුන් බලතල

අතික‍්‍රමණය කරමින් අන්‍ය කුමන්ත‍්‍රණකාරී මාර්ගයක මෙම පරීක්ෂණ කොමිෂන් සභාව ගමන් කොට ඇති බව කණගාටුවෙන් යුතුව සඳහන් කරමු.

මෙකී සියලූ‍ තත්වයන් යටතේ මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් නියම කරනු ලැබූ කාර්යයන් ඉටුකිරීමෙහිලා දැඩිව අසමත් වී ඇති බවත් එකී කාර්යයන් වෙනුවෙන් වැය කරනු ලැබූ අති විශාල මහජන මුදල් ඇතුළත් රාජ්‍ය සම්පත් කෙරේ කවර හෝ සාධාරණයක් මෙම කොමිෂන් සභාව වෙතින් ඉටුව නොමැති බවත් කණගාටුවෙන් යුතුව අප පවසන්නෙමු. තවද මෙම කොමිෂන් සභා අවසන් වාර්තාවෙහි පවත්නා අගතිගාමී නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීමට එරෙහි වීම ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක් බවත් එකී කටයුත්තෙහි අප සංවිධානය නොපසුබටව සහ නිර්භීතව නියැලෙන බවත් අවධාරණයෙන් යුතුව ජාතිය හමුවේ පවසන්නෙමු.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles