Divaina - කඩුමුඩුවේදී පොලිස් ජීප් රියක ගැටී ත‍්‍රීරෝදයේ ගිය දෙදෙනෙක් මරුට - හත්දෙනෙක් තුවාල ලබා රෝහලේ

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

jeep1කටුපොත පොලිස් වසමේ රඹාවැව නාරම්මල මාර්ගයේ කඩුමුඩුව ප‍්‍රදේශයේදී කටුපොත පොලිස් ස්ථානයට අයත් ජීප් රථයක් හා ත‍්‍රිරෝද රථයක් ඊයේ :28 වැනිදා* පෙරවරු 8ග00 ට පමණ ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් ත‍්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් හත්දෙනකු තුවාල ලබා රෝහල්ගතකර තිබේග

අනතුරින් මියගොස් ඇත්තේ වේයන්ගොඩ පදිංචිව සිටි ආර්ග එම්ග සුදුමැණිකේ :65* නමැති නැන්දණිය හා ත‍්‍රිරෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කළ රවීන්‍ද්‍ර සංජීව :40* නමැති බෑනා බව පොලිසිය කියයිග

මීට අමතරව මෙම අනතුරින් ත‍්‍රිරෝද රථය පැදවූ අයගේ බිරිඳ හා අවුරුදු 10 හා 15 යන වයස්වල පසුවන දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා ඇති බවත්ල පොලිස් ජීප් රථය පැදවූ කොස්තාපල්වරයාල පොලිස් සැරයන්වරුන් දෙදෙනකු හා වරෙන්තුකරුවකු ද තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයිග

ත‍්‍රිරෝද රථයේ ගමන්ගත් පිරිස අනුරාධපුර බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේග

අනතුරින් තුවාල ලැබුවන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතග

පොලිස් ජීප් රථය රඹාවැව දෙස සිට කටුපොත දෙසට ධාවනය කරමින් සිට ඇති අතර පොලිස් නිලධාරින් අදාළ ජීප් රථයේ වරෙන්තුකරුවකු රැුගෙන පොලිසියට යමින් සිටියදි අනතුරට ලක්ව තිබේග

අනතුර සම්බන්ධයෙන් කටුපොත පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයිග
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles