Divaina - කොවිඞ් සිරුරු භූමදානයට සුදුසු ස්ථාන සොයා ගැනීමට දින කීපයක් යනවා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

death1 1* ක‍්‍රමවේදය එළිදක්වන තෙක් සිරුරු  කූල් රූම් එකක තියන්න වෙනවා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

- භූමදානය සදහා සුදුසු ස්ථාන සොයා ගැනීමට දින කිහිපයක් ගතවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොරෝනා ආසාදිතව මියයන අයගේ දේහ ආදාහනයට හෝ භූමදානයට ඉඩ සලසමින් රජය ගැසට් නිවේදනය නිකුත් කළේ පසුගිය 25 වැනිදා රාත‍්‍රියේය.

ඒ අනුව අනුමත සුසාන භූමියක හෝ ස්ථානයක නිසි බලධරයාගේ අධීක්ෂණය යටතේ කොවිඞ් මෘතදේහයක් භූමදානය කිරීමට අවස්ථාව හිමිවේ. එසේ නමුත් දැනට මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ ආදාහනයට අදාළව පමණි.

මේ පිළිබඳ අදහස් දක්වන වෛi අසේල ගුණවර්ධන මහතා මෙසේ ප‍්‍රකාශ කර තිබිණි.

‘‘විද්වත් කමිටුවේ සාමාජිකයන් දෙදෙනකු හා මම එකතු වෙලා ඒ කෙටුම්පත සකස් කළා. භූමදානය කරන විදිය ගැන. භූමදානය කරන ස්ථාන අපට සොයාගන්න වෙනවා. ඒක හොයාගෙන පස්සේ කොවිඞ් මර්දන බළකායට ඉදිරිපත් කරලා ඒ අයගේ අනුමැතිය අරන් තමයි මේක අපිට චක‍්‍රලේඛයක් ලෙස එළිදක්වන්න පුළුවන් වෙන්නේ. දැන් අපි කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ මෘතදේහ ආදාහනය කරනවා. කැමති නැති කෙනෙක් ඉන්නවා නම් අපිට ක‍්‍රමවේදය එළිදක්වනකල් කූල් රූම් එකක තියන්න වෙනවා. භූමදානය කරන ස්ථාන ටික සොයා ගැනීමට දින කිහිපයක් ගතවෙයි’’

චතුර පමුණුව
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles