Divaina - බස්නාහිර අවදානම් ග‍්‍රාමසේවා කොට්ඨාසවල 30ට වැඩි සියලූ දෙනාට කොරෝනා එන්නත

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

injec1බස්නාහිර පළාතේ මේ වනවිට හඳුනාගෙන ඇති කොවිඞ් 19 වෛරස රෝගය පැතිරීමේ අවදානම් සහිත ග‍්‍රාමසේවා කොට්ඨාසවල පදිංචි වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට ඡුන්ද නාම ලැයිස්තුවේ ලියාපදිංචිය ඇති පිළිවෙළට ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නත ලබාදීම ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත‍්‍රික්කයන්හි මේවනවිට හඳුනාගෙන ඇති කොවිඞ් රෝගය පැතිරයෑමේ අවදානමක් සහිත ග‍්‍රාමසේවා කොට්ඨාසවල පදිංචි වයස අවුරුදු 30ට වැඩි සෑම පුද්ගලයකුටම මෙම එන්නත ලබාදීම පෙරේදා (27දා) සිට ආරම්භ කළ බවද ඒ මහතා කීවේය.

කොවිඞ් ආසාදිත මරණ භූමදානය සම්බන්ධව රජය විසින් ලබාදී ඇති අවසරය අනුව ඒවා භූමදානයට සුදුසු ස්ථාන හඳුනා ගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් එම ස්ථාන තහවුරු කරගත් පසු නිසි සෞඛ්‍ය උපදෙස් අනුව එම මරණ භූමදානය කළහැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles