Divaina - O/L සිසුන්ට ප‍්‍රවාහන පහසුකම් සැපයීමට ලංගම සූදානම්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ctb1අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ප‍්‍රවාහන පහසුකම් සැපයීම සඳහා ජාතික ගමනාගමන මණ්ඩලයේ බස් රථ අවශ්‍ය ප‍්‍රමාණය සැපයීමට කටයුතු කරන බව එහි සභාපති කිංස්ලි රණවක මහතා ‘දිවයින’ට ඊයේ (28දා) පැවැසීය.

පසුගියදා පැවැති උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා ප‍්‍රවාහන පහසුකම් සැපයූ ආකාරයෙන්ම මෙවරත් ප‍්‍රවාහන පහසුකම් සපයන බවද ඒ මහතා කීය.

විභාගයට පෙනී සිටින සිසුන් පදිංචි ප‍්‍රදේශවල ඩිපෝ කළමනාකරුවන්ට සහ ප‍්‍රාදේශීය කළමනාකරුවන්ට අවශ්‍ය බස් රථ ප‍්‍රමාණය සපයන ලෙසත් යම් අවශ්‍යතාවක් ඇතිවුවහොත් පාසලේ විදුහල්පතිවරුන්ට එම පාසල අයත් ඩිපෝ කළමනාකරු අමතා පහසුකම් සපයා ගන්නා ලෙස දුරකථන අංක අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ලබාදී තිබෙන බවත් ඔහු කීය.

පසුගිය උසස් පෙළ විභාගයේදී එක් දරුවකු සඳහාද ප‍්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කළ අවස්ථා තිබූ බවත් මෙවරත් එවැනි අවශ්‍යතාවක් ඇතිවුවහොත් ප‍්‍රවාහන පහසුකම් සැපයීමට සූදානමින් සිටින ලෙසට ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් දී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාද කියා සිටියේ සිසුන්ට සහ කාර්යමණ්ඩලය ප‍්‍රවාහනයට වෙනදා මෙන් බස් රථ ධාවනය සිදුකරන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව එහි උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.

චමින්ද සිල්වා - ප‍්‍රදීප් සමරකෝන්
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles