Divaina - පෞද්ගලික අර්ධ රාජ්‍ය සේවය අවසන් කිරීමේ වන්දිය ලක්‍ෂ 25 ට නගී

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 10පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල (සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල) යම් සේවකයකුගේ සේවය අදාළ ආයතනයේ අවශ්‍යතාව මත අවසන් කරන්නේ නම් ඔහුට ලබාදිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්‍ෂ 25 ක් වියයුතු යැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මීට අදාළ වන අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය බ‍්‍රහස්පතින්දා (25දා) කම්කරු කොමසාරිස් ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් ප‍්‍රකාශයට පත්කළ බවද ඇමැතිවරයා කීය.

මේ අනුව 1971 අංක 25 දරන කම්කරුවන්ගේ රක්‍ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනතට ප‍්‍රකාරව 2005 ප‍්‍රකාශයට පත්කළ අදාළ වන්දි සූත‍්‍රයට අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් 12,50,000 කි.

වසර 15 කට පසු සංශෝධනය වූ මෙම වන්දි මුදල ගෙවීම 2021 පෙබරවාරි 19 වැනිදා සිට කි‍්‍රයාත්මක බව කම්කරු කොමසාරිස් ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

චමින්ද සිල්වා
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles