Divaina - පාස්කු කොමිසමේ වාර්තාව ශ‍්‍රීලනිපය විනාශ කිරීමේ උපක‍්‍රමයක් - මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 8පාස්කු ප‍්‍රහාර වාර්තාව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කිරීමේ උපක‍්‍රමයක් කර ගැනීමට යන බවක් දකින්නට තිබේ යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහලේකම් ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තකු බවට කොමිෂන් වාර්තාවෙන් ප‍්‍රකාශ කිරීමෙන් ඒ බව පෙනී යන බව මාධ්‍යයට අදහස් දක්වමින් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.

වාර්තාවට අනුව කටයුතු කරන විට පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව නඩුවක් පැවරීමට කටයුතු කරනු ඇතැයි ද මහාචාර්ය පියදාස මහතා පැවසීය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කර ගෙන තිබෙන්නේ පක්‍ෂය විනාශ කර දැමීමේ අරමුණින් බව පැහැදිලි යැයි ද මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.

මෙම වාර්තාවේ නිගමනය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය දඩයම් කිරීමක් බව ඉතාම පැහැදිලියි. නමුත් ජනතාවට සුවිශාල සේවයක් කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කිරීමකට ජනතාව ඉඩදෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ද මහාචාර්යවරයා පැවසීය.

සිරිල් විමලසුරේන්‍ද්‍ර

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles