* ජංගම දුරකථන, විද්‍යුත් උපකරණ තහනම්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් විභාගය ආරම්භ වීමට විනාඩි හතළිස් පහකටවත් පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඉල්ලා සිටී.
විභාගය සඳහා පාසල් අයදුම්කරවෝ 4,23,746ක් සහ පෞද්ගලික අයදුම්කරුවෝ 1,98,606ක් විභාග මධ්‍යස්ථාන 4531කදී පෙනී සිටිති.
විභාගය අද (01දා) ආරම්භ වී මාර්තු 10 වැනිදා තෙක් පැවැත්වෙයි. මාර්තු 07 දා (ඉරිදා) විභාගය නොපැවැත්වේ.
ජාතික හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂකයාගේ ඡුායාරූපය සහ හැඳුනුම්පත් අංකය සහිත ලිපිය, ප්‍රවේශ පත්‍රය, පෑන් පැන්සල් විභාගයට පැමිණෙන විට රැුගෙන ඒම අනිවාර්ය වේ. ජංගම දුරකථන හෝ වෙනත් විiුත් උපකරණ විභාග ශාලාවට රැුගෙන ඒම තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටී.
විභාග මධ්‍යස්ථානයට ඇතුළුවීමේදී මුව ආවරණ පැළඳ සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පැමිණිය යුතු අතර පිළිතුරු ලියන කාලය තුළ මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය නොවන බවද ඒ මහතා කීය.
විභාගය පැවැත්වෙන සෑම විභාග මධ්‍යස්ථානයකම නිරෝධායනය වන සිසුන් සඳහා විභාග ශාලාවක් පවතින අතර කොරෝනා රෝගයට ගොදුරු වී සිටින සිසුන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම අමතර විභාග ශාලා 02 බැගින් පවත්වා ගෙන යන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා