Divaina - උණ්ඩියල් ක‍්‍රමයට මෙරට මුදල් ඩුබායි පැටවූ 11 දෙනෙක් කොටුවෙති - විදෙස් ජාතිකයෝ 6 දෙනෙකුත් ඒ අතර

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

උණ්ඩියල් ක‍්‍රමයට ඩුබායි රටට මුදල් බැර කිරීමේ ජාවාරමක නියැලූ‍ණු පුද්ගලයින් එකොළොස් දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසීය.

අත්අඩංගුවට පත්වූවන් අතර නයිජීරියන් ජාතිකයන් සිව්දෙනෙක්,බෙල්රුස් ජාතික කාන්තාවන් දෙදෙනෙක් ,ශ‍්‍රී ලාංකික කාන්තාවක් හා ශ‍්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් සිව් දෙනෙක් ඒ අතර වන බව පොලිසිය පැවසීය.

එම සැකකරුවන් සමඟ රුපියල් කෝටියකට ආසන්න මුදල්, හොරයින් මත්කුඩු ග‍්‍රෑම් 25ක්, ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා කඩදාසි සීයක් ඇතුළත් මිටි 25 ක් පොලිසිය භාරයට ගත් බවද පොලිසිය පැවැසීය.

මෙම ජාවාරමේ නියැලී සිටි පුද්ගලයින් වංචා සහගතව ලබාගත් රුපියල් දාහත් ලක්ෂ හතළිස් පන්දහක මුදලක් වංචා කිරීම, හොරෙයින් මත්කුඩු ග‍්‍රෑම් 25 ක් ළඟ තබා ගැනීම ,ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා කඩදාසි 100 මිටි 25 ක් ළඟ තබා ගැනීම, වානිජමය ලිංගික කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් නයිජීරියන් ජාතිකයන් සිව්දෙනෙක් බෙල්රුස් කාන්තාවන් දෙදෙනෙක් හා ශ‍්‍රී ලාංකික පුද්ගලයකු හා කාන්තාවක් පිළිබඳව කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ඇතුළු නිලධාරී කණ්ඩායමක් වෙත ලැබුණු රහසිගත තොරතුරු මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අධිකරණයෙන් ලබාගත් රැුඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීමේදී සංවිධානාත්මක ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

සැකකරුවන් විසින් එම ජාවාරමෙන් උපයා

ගන්නා ලද මුදල් ලබා ගන්නා පුද්ගලයකු පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරු දෙහිවල, කවුඩාන ,පොකුණු පාර ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී ජාවාරම්වලින් උපයා ගන්නා ලද රුපියල් පන්ලක්ෂ හතළිස් තුන් දහසක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පසුව එම පුද්ගලයා ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහුට ලැබෙන මුදල් හැව්ලොක් සිටි ,මෙල්පට් ටවර් හි පදිංචි තිස් හැවිරිදි පුද්ගලයකුට ලබා දෙන බවට අනාවරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ හැත්තෑ හයකට ආසන්න මුදලක් තිබී සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය පැවසීය.

අනතුරුව එම පුද්ගලයාගෙන් ද ප‍්‍රශ්න කිරීමේදී ඔහුට ලැබෙන මුදල් දෙහිවල ගල්වල පාරේ පදිංචි ඔහුගේ මාමා කෙනෙකු වෙත ලබාදෙන බවට ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව 53 හැවිරිදි එම පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කැලණියේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබයි.

එස්.ඞී. අබේසිංහ - මහරගම

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles