Divaina - ජිනීවා සමුළුවේ සෑම රටක්ම පීඩිත දෙමළ ජනයාට සහය දැක්විය යුතුයි - බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කළ යෝජනාවලිය වැඩක් නැහැ - දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p2 16785ජිනීවා මානව හිමිකම් කවුන්සලයට සහභාගී වී සිටින සෑම රටක්ම පීඩාවට පත්ව සිටින දෙමළ ජනතාවට සහය දැක්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කරයි.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු පැවසුවේ යුද සමයේදී යුද අපරාධ සිදු කළ පාර්ශ්වයන්ට ද`ඩුවම් ලබාදීම ස`දහා ස්ථිර සාර යෝජනාවක් 46 වෙනි ජගත් මානව හිමිකම් මණ්ඩල රැුස්වීමේදී සම්මත විය යුතුව ඇති බවයි.

දෙමළ දේශපාලන පක්ෂ රැුසක් එක්ව මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරණු ලබන යෝජනාවලියට අනෙක් රටවල සහය ලැබිය යුතු බව පවසන දෙමළ ජාතික සන්ධානයේ නායකයා බි‍්‍රතාන්‍ය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය එතරම් වැදගත් නොවන බව දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක්ම තීරණය කොට ඇතැයිද ස`දහන් කළේය. යුද්ධය අවසන් වී වසර 11 ක් ගත වී ඇතත් යුද සමයේදී පීඩාවට පත් පිරිස්වලට සාධාරණය ඉටු කිරීමට කවරෙකුවත් මැදිහත් නොවූ නිසා මේ අවස්ථාවේදී හෝ ඒ පිළිබ`ද ජාත්‍යන්තරයේ අවධානය යොමුවිය යුතු බව සම්පන්ධන් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

දිනසේන රතුගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles