Divaina - මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහර දුන්නැයි පොලිසියේ හතරකගේ වැඩ තහනම්.... පොලිසිය 'වලිගෙ පාගාගෙන' පුතාට ගහලා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

හේමන්ත රන්දුණු
 
lead222හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පුතකු වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ  ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් සිව්දෙනකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කර ඇත.
 
 මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා වාර්තාවක් වහාම තමන් වෙත භාර දෙන ලෙස ඇමැති සරත් වීරසේකර මහතා, පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
 
 මෙම පහරදීමේ සිද්ධිය වාර්තා වී ඇත්තේ පෙරේදා (25 වැනිදා* රාත‍්‍රි 8.30 ට පමණය. පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට පෙරේදා රාත‍්‍රි 8.30 ට පමණ තමන් නීතිඥවරයකු යැයි පවසමින් මිගාර ගුණරත්න යන අය පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත.
 
 මහා පරිමාණ වංචා රැුසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නයිජීරියානු ජාතිකයන් සමඟ සිටි සැකකරුවකුට රාත‍්‍රි ආහාර ලබාදීමට යැයි කියමින් මිගාර ගුණරත්න යන අය පැමිණි බව පොලිසිය පවසයි.
 
 එහිදී සිරමැදිරියේ රඳවා සිටි බෙලරූස් ජාතික කාන්තාවන් දෙදෙනෙකුට ඇමතුම් ලබාගැනීම සඳහා මිගාර ගුණරත්න තම ජංගම දුරකතනය ලබාදුන් බවට පොලිසිය පවසයි.
 
 එම කාන්තාවන් දෙදෙනා ද මහා පරිමාණ වංචාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නයිජීරියානුවන්ගේ කල්ලියේම සාමාජිකාවන් දෙදෙනෙකු බව ද පොලිසිය පවසයි.
 
 සිරමැදිරියේ සිටි සැකකාරියන්ට ඇමතුම් ලබා ගැනීමට ජංගම දුරකථනය ලබාදීම සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියා විරෝධය පළකර ඇත.
 
 එහිදී පොලිස් නිලධාරියා සහ මිගාර ගුණරත්න මහතා අතර බහින්බස්වීමක් ඇති වී තිබිණි. මෙම සිද්ධිය වන අවස්ථාවේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් පොලිසිය උඩුමහලේ නඩු භාණ්ඩ කීපයක් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සූදානම් කරමින් සිට ඇත.
 
 පොලිසිය පහල මාලයේ ඇති වූ බහින්බස් වීම සැලවීමත් සමඟ ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් එහි පැමිණ ඇති අතර ඔවුන්ද එම ආරවුලට පැටලී තිබේ.
 
 එහිදී ලින්ටන් සිල්වා මහතා මිගාර ගුණරත්න මහතාගේ කොලරයෙන් අල්ලා පසෙකට ඇද දමද්දී ඔහුගේ මුහුණ අසල තිබූ දොරක ගැටී තුවාල සිදු වී ඇත.
 
 පසුව පොලිස් නිලධාරීන් විසින් නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා රාගම රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබිණි.
 
 එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පාර්ශ්වය පවසන්නේ පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් තම පුත‍්‍රයාට අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකර ඇති බවයි.
 
 වංචාවක් සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිටින නයිජීරියානු ජාතිකයන් බෙලරූස් ජාතික කාන්තාවන් ඇතුළු අටදෙනකු වෙනුවෙන් නීතිඥ චරිත් ගුණරත්න මහතා පෙනී සිට ඇත.
 
 චරිත ගුණරත්න යනු මෛත‍්‍රී ගුණරත්න මහතාගේ වැඩිමහල් පුත‍්‍රයා වන අතර පහර කෑමට ලක් වූ මිගාර ගුණරත්නගේ වැඩිමහල් සොහොයුරා ය. හැඩරුවින් මිගාර හා චරිත ගුණරත්න එක හා සමාන පුද්ගලයන් ය. මෙම මූල්‍ය වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් මුණගැසීම සඳහා නීතිඥ චරිත ගුණරත්න ඉකුත් 23 වැනිදා පෑලියගොඩ පොලිසිය වෙත පැමිණ තිබිණි.
 
 එහිදී චරිත ගුණරත්න සහ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා අතර බහින්බස්වීමක් ඇති වී තිබිණි. මෙම සිද්ධියෙන් පසු 25 වැනිදා රාත‍්‍රි 8.30 ට පමණ නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න පෑලියගොඩ පොලිසිය වෙත ගොස් ඇත්තේ සිරමැදිරියේ රඳවා සිටින තම වැඩිමහල් සොහොයුරා වන චරිත ගුණරත්නගේ සේවාදායකයකුට රාත‍්‍රි ආහාර ලබාදීම සඳහා ය. ඒ අවස්ථාවේ රාජකාරි කරමින් සිටි ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරින් ‘‘උඹනේද යකෝ එදා පොලිසියට ඇවිත් අපට පාට් එක දැම්මේ’’ යැයි කියමින් මිගාර ගුණරත්නට අමානුෂික ලෙස පහරදීමට පටන් ගෙන ඇත.
 
 මිගාර ගුණරත්න පවසන්නේ පොලිස් නිලධාරීන් තමන්ට වැඩිමහල් සොහොයුරා වන චරිත ගුණරත්න යැයි වටහාගෙන තමාට මෙසේ පහර දුන් බවයි.
 
 තමා හිටපු ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්නගේ පුත‍්‍රයා යැයි කෑගහ කීමෙන් පසු පොලිස් නිලධාරීන් තමන්ට පහරදීම නතර කළ බව ද නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න පවසයි. පසුව පොලිස් නිලධාරීන් මිගාර ගුණරත්න ජීප් රථයක දමාගෙන පහර දෙමින් රාගම රෝහල වෙත රැුගෙන ගිය බව මිගාරගේ පාර්ශ්වය කියයි.
 
 හිටපු ආණ්ඩුකාර නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා පවසන්නේ තම පුත‍්‍රයාට පෑලියගොඩ පොලිසිය තුළදී අමානුෂික අන්දමින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා ඊට සම්බන්ධ සියලූ සැකකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවයි.
 
 මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ නීති ශිෂ්‍යයකු වන මිගාර ගුණරත්න තමන් නීතිඥයකු යැයි කියමින් පොලිස් ස්ථානය වෙත රාත‍්‍රි කාලයේ ඇතුළු වී සිර මැදිරිවල රඳවා සිටින සැකකරුවන්ට දුරකථන ඇමතුම් ලබා ගැනීමට ජංගම දුරකථන ලබාදීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම බරපතළ වරදක් බවයි.
 
 කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශනයක් පවත්වාගෙන යන බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.
 
 මෙසේ වැඩ තහනහමට ලක් වූ නිලධාරීන් අතර ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා, පොලිස් පරීක්‍ෂක සම්පත් සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles