හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඊයේ (26 දා* අභාවප්‍රාප්ත විය. මියයන විට 68 වැනි වියෙහි පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.
කොටි ත්රස්තවාදයට එරෙහිව පැවති අවසන් සටනේදී කොළඹ ආරක්ෂාව භාරව කටයුතු කරමින් විශිෂ්ට සේවාවක නිරතවූ ඒ මහතා සිය වෘත්තියට අමතරව ගායන ක්ෂේත්රයෙන් ද දස්කම් පෑවේය.
මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා .., සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ.. යන ගීත ඔහු ගැයූ ගීත අතර ජනප්‍රියත්වයට පත්විය.
1953 වසරේ ජනවාරි 07 වැනිදා අනුරාධපුරයේදී උපත ලද අනුර සේනානායක මහතා මාතර සර්වේසස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
1973 වසරේ ඔක්තෝබර් 15 වැනිදා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස ඒ මහතා පොලිසියට එක් විය. එතැන් සිට 1989 වසරේ සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් වී පසුව පොලිස් අධිකාරි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරු දරා 2010 වසරේ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබීය.