අකිත පෙරේරා
සමගි ජන බලවේගය මාර්තු මස 03 වැනිදා සිට හරිත පක්ෂයක් බවට පත් කෙරෙන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (26දා* පැවැති එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේ දී පවසා ඇත.
පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී ඊයේ සවස පැවැති එම රැුස්වීමේදී ස.ජ.බ.ය පරිසර හිතකාමී දේශපාලන පක්ෂයක් බවට පත් කරන බව ද හෙතෙම කියා තිබේ.
මේ අතර මින් ඉදිරියට පිටින් ගෙන එන පොදු අපේක්ෂකයන් ජාතික මැතිවරණවලට ඉදිරිපත් නොකරන බවත්, පක්ෂය මුල්කරගත් වැඩපිළිවෙළක් හදන බවත්, සජිත් පේ‍්‍රමදාස මහතා පවසා තිබේ.
එය සමගි ජන බලවේගය කේන්ද්‍රගත වූ මහා සන්ධානයක් බවත් හෙතෙම කෘත්‍යාධිකාරි මණ්ඩලය අමතා කියා ඇත. පොදු අපේක්ෂකයන් පිටින් ගෙනත් පාඩම් ඉගෙනගත් නිසා ඉදිරියේදී එය සිදු නොවන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.
මේ අතර එම පක්ෂයේ ප්‍රථම සංවත්සරය ලබන 15 වැනිදා හයිඞ් පාර්ක් පිටියේදී පැවැත්වීමට ද ඊයේ තීරණය කර තිබේ.
සමගි ජන බලවේගය පක්ෂයේ ඊයේ පැවැතියේ එම පක්ෂයේ දෙවැනි කෘත්‍යාධිකාරී මණ්ඩල
රැුස්වීමය. ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පාඨලී චම්පික රණවක මහතාට ඊයේ දින පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂයේ තනතුරක් ලබා දීමට නියමිත වුවද එවැන්නක් ඊයේ දින සිදු නොවූ අතර ඔහු ඊයේ දිනයේදී ඊට සහභාගි වී සිටියේ ද නැත.