Divaina - පේරාදෙණිය සරසවියෙන් වෛරස විනාශ කරන මුහුණු ආවරණයක්... තාක්ෂණය ඉහළයි... 25 වරක් භාවිතයට ගත හැකියි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 
මහාචාර්ය ගාමිණි රාජපක්ෂ
 
 අකිත පෙරේරා

 

mask555
 
 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව නිපදවා ඇති කොවිඞ් ඇතුළු වෛරස විනාශ කරන නවතම මුහුණු ආවරණයක් පාර්ලිමේන්තුවේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එළිදැක්විණි.
 
 මේ වනවිට ලොව භාවිත වන සියලූ මුහුණු ආවරණවලට වඩා ඉතා ඉහළ තාක්ෂණයකින් යුතු මෙම මුහුණු ආවරණය ස්ථර තුනකින් නිර්මාණය කර ඇති බව මේ පිළිබඳ පර්යේෂණය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා මෙය අග‍්‍රාමාත්‍යවරයාට පිළිගන්වමින් පැවසීය.
 
 එම මුඛ ආවරණයේ පළමු ස්ථරයෙන් කෙළ බිඳිති වැනි ද්‍රවමය දෑ ක්ෂණිකව ඉවත් කිරීම සිදුවන බවත්, දෙවැනි ස්ථරයේ ඇති විශේෂිත රසායනික ද්‍රව්‍යයක් මගින් යම් ආකාරයකින් හෝ පැමිණෙන වෛරස විනාශ කරන බවත්, තෙවැනි ස්ථරයෙන් පැමිණෙන කෙළ බිඳිති වැනි දේ වාෂ්ප කිරීම සිදු කරන බවත් මහාචාර්යවරයා කීය.
 
 එසේම 25 වතාවක් මෙම මුහුණු ආවරණය නැවත නැවත සෝදා භාවිතා කළ හැකිවීමද විශේෂත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.
 
 මෙහිදී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායමේ විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත් මහතා ප‍්‍රකාශ කර සිටියේ මෙම මුහුණු ආවරණය දැනට භාවිතා වන කේ. එන්. 95 මුහුණු ආවරණයට වඩා ඉහළ සුරක්ෂිත බවකින් යුතු බව පර්යේෂණාත්මකව සනාථ වී ඇති බවයි.
 
 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨයේ සිදු කරන ලද පර්යේෂණවලට අනුව මෙම මුහුණු ආවරණයේ රැුඳෙන වෛරස 99% ක් විනාශ වන බව තහවුරු වී ඇති බවද ඒ මහතා පැවසීය. සාමාන්‍ය මුහුණු ආවරණයක රැුඳෙන වෛරස දින 7 ක් පමණ පැවතුණද, මෙම මුහුණු ආවරණය මගින් ඒවා ඉතා කෙටි කලක් තුළ විනාශයට පත් කිරීම සුවිශේෂි කරුණක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
 
 මෙම නවීන තාක්ෂණයෙන් යුතු මුහුණු ආවරණය මේ වනවිට වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් දේශීය වෙළෙඳපොළ සඳහා නිෂ්පාදනය කිරීම සිදු කරන බවත්, ඉදිරියේදී අපනයනය කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.
 
 වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කර සිටියේ අපනයන මට්ටමේ මෙවැනි දියුණු නිෂ්පාදනයක් හඳුන්වා දීමට හැකිවීම රටක් ලෙස ආඩම්බර විය හැකි කරුණක් බවයි.
 
 අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles