Divaina - හලාවත පොලිස් සැරයන් එච්.කිව්.අයි.ට වෙඩි තියන්න හදලා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 අමරනන්ද විජේසේකර - මහවැව
 
halawathaහලාවත මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාට සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමට සූදානම් වූ පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කර අදාළ නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා පැවසීය.
 
 අදාළ සිදුවීම 25 වැනිදා රාත‍්‍රී 8.30 පමණ සිදුව ඇත. පොලිස් සැරයන්වරයාගේ රාජකාරි ගිනි අවියද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.
 
 මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ හලාවත  මූලස්ථාන පොලිසියේ රාජකාරි කළ පොලිස් සැරයන් (27754* පෙරේරා නමැති නිලධාරියෙකි.
 
 පොලිස්පතිවරයාගේ උපදෙස් මත 25 වැනිදා රාත‍්‍රියේ සිට 26 වැනිදා අලූයම දක්වා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් කරන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා අතර ඇතිවූ බහින් බස් වීමකින් කෝපයට පත්වූ පොලිස් සැරයන්වරයා තම රාජකාරි ගිනි අවියෙන් මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තැබීමට සූදානම් වෙද්දී ඒ ආසන්නයේ සිටි තවත් පොලිස් නිලධාරියකු එය වළක්වා ඇති බව සඳහන්ය.
 
 පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ
 
 උපදෙස් මත සිද්ධිය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ක‍්‍රියාත්මකය.
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles